මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ගම්මන්පිලට මරණ දඬුවම

හෙරොයින් ග්‍රෑම් 41.65ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධි චෝදනා දෙකට වරදකාරිය කරනු ලැබූ දෝන ගම්මන්පිල නැමැති කාන්තාවට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවෙද මහතා අද (04) මරණිය දණ්ඩනය නියම කරනු ලැබුවා.

2019.02.27 වැනිදා මාලිගාවත්ත පොලිස් ප්‍රදේශයේදී එම විත්තිකාරිය පෙරකී හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

එම විත්තිකාරියට එරෙහිව නිතිපාතිවරයා විසින් ගොනුකර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුවන කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එකී මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
6
+1
68
+1
7
+1
8
+1
5
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !