මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් සතුව තිබී දුර්ලභ ගජමුතුවක් හමුවෙයි

මොරගහහේන ගෝනපොල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් සන්තකයේ තිබී දුර්ලභ වර්ගයේ ගජමුතුවක් හමුවී තිබෙනවා.

සැකකාරිය 52 හැවිරිදි වියේ පසුවන කාන්තාවක්.

සොයාගත් ගජමුතුව දුර්ලභ එකක් බවට ජාතික කෞතුකාගාරයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් වාර්තාවේ සඳහන් වන බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය ප්‍රකාශ කළා.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් සතුව ගජමුතු තිබෙන බවට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකාරිය ගජමුතුවක් සමග අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම කාන්තාවට ගජමුතුව ලැබුණු ආකාරය සොයා විමර්ශන සිදුකරන අතර ගජමුතුව තක්සේරු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තක්සේරු වාර්තාවක් ද ලබා ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18