මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සේදවත්තේ කසුන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන පුද්ගලයන් දෙදෙනෙක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට ඊයේ (30) දින ග්‍රැන්ඩ්පාස් පොලිස් වසමමේ පී.ජි.පෙරේරා මාවත, සේදවත්ත ලිපිනයේ පිහිටි ගම්මඩු විහාරය ඉදිරිපිට සහ සේදවත්ත කළුපාලම අසල වැටලීම් සිදුකර තිබුණා.

එහි දී රිවෝල්වර් උණ්ඩ 04 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31 මිලිග්‍රැම් 500 ක්, ජංගම දුරකථනයක් සහ මුදල් රුපියල් 6,500ක් සන්තකයේ තබාගෙන සිටි මුදුන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07ක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි සේදවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයකු ද මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ, සේදවත්තේ කසුන් නැමති අයගේ මෙහෙයවීම යටතේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරගෙන යන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01