spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අනතුරු ඇඟවීමක්

මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් එම කටයුතු නතර කිරීමට පියවර ගත යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අවධාරණය කරනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් එය නතර නොකරන්නේ නම් නතර කිරීමට රජය ඇතුලු ආරක්ෂක අංශ පියවර ගන්නා බවයි.

මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුල එම කටයුතු සිදු කරන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ඕනෑම පියවරක් ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීම වෙනුවේන කටයුතු කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද තමාට උපදෙස් ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නව පොලිස්පතිවරයා ලෙසට පත් කිරීමේ සූදානමක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ වත්මන් පොලිස්පතිවරයා තවමත් ධුරයේ කටයුතු කරන බැවින් නව පොලිස්පතිවරයෙකු අවශ්‍ය නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?