මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් 986ක් එක් දිනකදී පොලිස් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා මුළු දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ වූ මෙහෙයුමට සගාමීව ඊයේ (13)දින සිදුකළ වැටලීම් 997කට අදාලව සැකකරුවන් 995ක් හා සැකකාරියන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් සැකකරුවන් 107ක් වැඩිදුර විමර්ශන සදහා රදවාගෙන තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට අපේක්ෂිතව ඇති අතර, එක් සැකකරුවන් 03 දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි.

තවද සැකකරුවන් 42 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබන බව පොලිසිය පවසනවා.

මෙම මෙහෙයුමේ දී බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 1700ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 203ක්, ගංජා ග්‍රෑම් 7302ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදුකල මුළු වැටලීම් 583 කදී සැකකරුවන් 557ක් හා සැකකාරියන් 17ක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

දකුණු පළාත ආවරණය වන පරිදි සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 14ක්, ගංජා ග්‍රෑම් 3716ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදුකළ මුළු වැටලීම් 81කදී සැකකරුවන් 80ක් හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01