මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දුන්නොත් රුපියල් 50,000ක මුදල් ත්‍යාගයක්

රටම එකට ජාතික මෙහෙයුම අදාළව මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව රාජකාරියේ නිරත වූ සහ තොරතුරු ලබා දුන් පුද්ගලික ඔත්තොකරුවන් සඳහා මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමක්, රටම එකට ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහනේ දී අද (20) සිදු වුණා.

මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම විවිධ අපරාධ සම්බන්ධයෙන් රාජකාරිය විශිෂ්ඨ අන්දමින් ක්‍රියාත්මක කළ නිලධාරීන් මෙලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සුරතින් මෙලෙස ත්‍යාග ලබා ගනු ලැබුවා.

එමෙන්ම 1818 දුරකථන අංකය ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම පිලිබද නිවැරදි තොරතුරු ලබාදෙන මහජනතාවට ද මෙලෙස රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් හිමිකර ගත හැකි බවයි පැවසෙන්නේ.