මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සියලු දෙනා එකතු වෙන්න – ජනපති කියයි

විෂ මත්ද්‍රව්‍ය පරදන, ” රටම එකට‍ – ජාතික මෙහෙයුම ” වැඩසටහන අද (30) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.

මෙම සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ මෙම මත්ද්‍රව්‍යයට එරෙහිව රටේ සියලු පාර්ශව එක් විය යුතු බවයි.

මත්ද්‍රව්‍ය සහ විවිධ අපරාධයන්ට සම්බන්ධ අපරාධකරුවන්ට දේශපාලන බලය තුලින් ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපතිවරයා පවසා සිටියා.

”දේශපාලන අධිකාරිය විසින් ආරෝපිත බලයක් ලබාදීලා තියෙනවා මෙම මේ අපරාධකරුවන්ට, මම එකක් කියන්නම්, අපේ දේශපාලන බලය එය ප්‍රතික්ෂේප කරනවා.අපි අද එක රැස් වී සිටින්නේ අපේ රටේ වෙලාගෙන තියෙන මායාකාරී ව්‍යවසනය පරාජයට පත් කිරීමේ අරමුණෙන්.අපේ දරු පරම්පරාව, අපේ පොදු සමාජය, අපි ජාතියක් හැටියට මේ මායාකාරී ව්‍යවසනය ගොඳුරු බවට පත් වෙමින් තියෙනවා.මේ මං සන්ධියේදී නිශ්චිත ලෙස අපට තෝරාගත් හැකි මාවත් දෙකක් තියෙනවා.එකක් මේ දේ මේ විදියටම සිදුවෙන්න ඉඩ දීලා, පාඩුවේ බලාගෙන යමක කරමින් සිටින එක. දෙවනි මාවත මෙයට එරෙහිව හැප්පෙන එක. මම කියන්න කැමති මමත්, අපේ ආණ්ඩුවත් මේකට එරෙහිව හැප්පෙන්න තීරණාත්මක තීන්දුවක් අරගෙන තියෙනවා.” යැයි ජනාධිපතිවරයා මෙහෙදී වැඩිදුරටත් සඳහන් කළා.

මෙම සමාරම්භක උත්සවය සඳහා ජනාධිපතිවරයාට අමතරව අගමැතිවරිය ඇතුළු කැබිනට් මණ්ඩලය, පොලිසිය, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, ක්‍රීඩකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15