spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්තල ගුවන්තොටුපලට පණ දුන් නාමල්ගේ මාමා

මත්තල ගුවන් තොටුපල නැවතත් හෙට සිට ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනීමට සූදානම් බව වාර්තා වනවා.

පසුගිය කාලයේදී මත්තල ගුවන්තොටුපල විකල්ප ගුවන් තොටුපලක් ලෙසත් ගුවන් සීමාවට ඉහළින් පියාසර කරන ගුවන් යානා වලට හදිසි ගොඩබෑම් සඳහා යොදාගත් ගුවන් තොටුපලක්ලෙසත් මත්තල භාවිත කරනු ලැබුවා.

රුසියාවේ සිට පැමිණෙන බෝයිං777-200 වර්ගයේ මගීන් 400කට වැඩි පිරිසක් රැගෙන මෙරටට පැමිණෙන Redwings ගුවන් සමාගම නව වසරේ සිට සතියකට නව ගුවන්වාර 2 ක් බැගින් පියාසර කිරීමට නියමිතව ඇති අතරඑය 3 ක් දක්වා වර්ධනය කිරීමට නියමිතය.

ඒ සඳහා විදේශ ගුවන් සමාගමකට දෙනු ලබන FAOC (Foreign Aircraft Operator Certificate/ විදේශීය ගුවන් සමාගම් සඳහා වන මෙහෙයුම් බලපත්‍රය)සහතිකය අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරි පී.ඒ. ජයකාන්ත මහතා විසින් මෙම ගුවන් සමාගමේ දේශිය සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන LSR සමාගමේ සභාපති තිලක් වීරසිංහ වෙත ලබා දෙන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?