මඩ පොහොර නැව ලබන 17 කොළඹට

වගා කන්න 03කට පසුව වී වගාව සඳහා අත්‍යවශ්‍ය මඬ පොහොර හෙවත් TSP- Triple Super Phosphate මෙට්‍රික් ටොන් 36,000ක් සහිත පොහොර නැව මෙම මස 17 කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.

වී වගාවට අවශ්‍ය පොස්පරස් හා පොටෑසියම් මෙම පොහොර භාවිතය මගින් ලබා ගත හැකි වන අතර එම ඛනිජ ද්‍රව්‍ය පසුගිය කන්න කිහිපයක් තුළ හිඟවීම නිසා වී වගාවේ නියමිත අස්වනු ලබා ගැනීමට පවා හැකියාවක් ලැබුණේ නැහැ.

එමෙන්ම මෙවර මහ කන්නයේ දී ගොයම් කහ වීමේ රෝගයට පවා පොස්පරස් හා පොටෑසියම් ඌනතාවය ද බලපාන ලද බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කළේ.

2021 මහ කන්නයට පෙර හෙක්ටෙයාර් එකකින් වී මෙට්‍රික් ටොන් 4.1ක් වැනි අස්වනු ප්‍රමාණයක් ලබා ගත්ත ද පොස්පරස් හා පොටෑසියම් වැනි ඛනිජ ද්‍රව්‍ය සහිත පොහොර ගොවීන්ට නොලැබීම නිසා හෙක්ටෙයාර් එකකින් ලැබෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 2- 2.5 දක්වා පහත වැටුණා.

මේ නිසා මෙම මස 17 දින මෙරටට ලැබෙන මඬ පොහොර වගාවට අවශ්‍ය සමස්ත නිර්දේශිත ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර තිබෙනවා.

යල කන්නයේ වී වගා කළත් නොකළත් එහෙත් 2022/23 මහ කන්නයේ වී වගා කළ ලක්ෂ 12ක් පමණ වන සියලු ගොවීන්ට මෙම මඬ පොහොර ලබා දීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර මත මෙම මඬ පොහොර තොගය ලබා දී තිබෙනවා.

වී වගා කන්න 03කට පසු වී වගාවට අවශ්‍ය සියලු රසායනික පොහොර මෙවර යල කන්නයේ දී ගොවීන්ට ලබා දීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව මඬ පොහොර (TSP) , බන්ඩි පොහොර ( MOP) හා යුරියා පොහොර ගොවීන්ට පහසුවෙන් ලබා ගැනීමටයි අවස්ථාව සළසා ඇත්තේ.

බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් පසුගිය මහ කන්නයේ දී රුපියල් 19,500ක මුදලකට ලබා දුන්න ද මෙවර යල කන්නයේ දී එම පොහොර පැවැති මිලට වඩා සැළකිය යුතු මුදලකින් පහත දැමීමට රජය මේ වනවිට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48