spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මඩ ගොඩක සිරවී සිටි අලි පැටවෙකු බේරා ගැනේ

සොරබොර වැවේ වවුල්දූව බොක්ක නම් ස්ථානය ආසන්නයේ මඩේ එරී සිරවී සිටි වන අලි පැටවෙකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම වන අලි පැටවා සොයාගෙන ඇත්තේ ධීවරයන් පිරිසක් සිදු කළ දැනුම් දීමකට අනුවයි.

මෙම වන අලි පැටවාගේ මව් පැටවා බේරා ගැනීමට උත්සාහ කරන ආකාරය දැක ධීවරයන් ඒ පිළිබඳ වනජීවී නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

වවුල්දූව බොක්ක නම් ස්ථානයේ කෑගසමින් සිටින වන අලියෙකු දැක ඒ පිළිබඳ කළ සොයා බැලීමේදීයි කුඩා අලි පැටවෙකු මඩේ එරී ගොඩ ඒමට නොහැකිව සිටින බවට නිරීක්ෂණය වී ඇත්තේ.

අනතුරුව මහියංගණය වනජීවී කාර්යාල නිළධාරීන් සහ රන්දෙණිගල වනජීවී නිලධාරීන් පැමිණ අලි පැටියා බේරා ගැනීමේ ක්‍රියාන්විතය ආරම්භ කර තිබුණා.

මඩේ එරී සිටි කුඩා අලි පැටවා අසල මව රැඳී සිටීම හේතුවෙන් පළමුවෙන් මව නිර්වින්දනය කිරීමටයි නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

මුදා ගත් කුඩා අලි පැටවා මාසයක් හෝ මාස එක හමාරක පමණ වයස සත්වයෙක් වන අතර මඩේ එරී සිටීම හේතුවෙන් දුර්වල තත්වයේ පවතින පැටවා නැවත මවට බාරදීමට තරම් යහපත් සෞඛ්‍ය තත්වයේ නොමැති බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළා.

දිනකට වඩා මඩේ එරී සිටින්නට ඇති බවට සිදු කරන ලද සෝදිසි කිරිම්වලින් පසුව නිගමනය කර තිබෙනවා.

මුදා ගත් අලි පැටවා ප්‍රතිකාර සඳහා ගම්වාසින්ගේ ද සහය ඇතිව ඔරුවක ආධාරයෙන් මහියංගණය වනජීවී කාර්යාලය වෙත ගෙන එනු ලැබුවා.

පසුව අලි පැටවාගේ සිරුරේ වූ වේලුන මඩ සියල්ල සෝදා පිරිසිදු කර ප්‍රතිකාර ආරම්භ කර ඊයේ (12) රාත්‍රියේම ගිරිතලේ පශූ වෛද්‍ය රෝහල වෙත බාරදී තිබෙනවා.

අද (13) වන විටත් අලි පැටවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින අතර දින කිහිපයක් ප්‍රතිකාර කිරිමෙන් පසුව පැටවාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශ කිරීමට හැකි වනු ඇති බවයි පශු වෛද්‍යවරුන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?