මඩ ගොඩක සිරවී සිටි අලි පැටවෙකු බේරා ගැනේ

සොරබොර වැවේ වවුල්දූව බොක්ක නම් ස්ථානය ආසන්නයේ මඩේ එරී සිරවී සිටි වන අලි පැටවෙකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම වන අලි පැටවා සොයාගෙන ඇත්තේ ධීවරයන් පිරිසක් සිදු කළ දැනුම් දීමකට අනුවයි.

මෙම වන අලි පැටවාගේ මව් පැටවා බේරා ගැනීමට උත්සාහ කරන ආකාරය දැක ධීවරයන් ඒ පිළිබඳ වනජීවී නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

වවුල්දූව බොක්ක නම් ස්ථානයේ කෑගසමින් සිටින වන අලියෙකු දැක ඒ පිළිබඳ කළ සොයා බැලීමේදීයි කුඩා අලි පැටවෙකු මඩේ එරී ගොඩ ඒමට නොහැකිව සිටින බවට නිරීක්ෂණය වී ඇත්තේ.

අනතුරුව මහියංගණය වනජීවී කාර්යාල නිළධාරීන් සහ රන්දෙණිගල වනජීවී නිලධාරීන් පැමිණ අලි පැටියා බේරා ගැනීමේ ක්‍රියාන්විතය ආරම්භ කර තිබුණා.

මඩේ එරී සිටි කුඩා අලි පැටවා අසල මව රැඳී සිටීම හේතුවෙන් පළමුවෙන් මව නිර්වින්දනය කිරීමටයි නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

මුදා ගත් කුඩා අලි පැටවා මාසයක් හෝ මාස එක හමාරක පමණ වයස සත්වයෙක් වන අතර මඩේ එරී සිටීම හේතුවෙන් දුර්වල තත්වයේ පවතින පැටවා නැවත මවට බාරදීමට තරම් යහපත් සෞඛ්‍ය තත්වයේ නොමැති බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළා.

දිනකට වඩා මඩේ එරී සිටින්නට ඇති බවට සිදු කරන ලද සෝදිසි කිරිම්වලින් පසුව නිගමනය කර තිබෙනවා.

මුදා ගත් අලි පැටවා ප්‍රතිකාර සඳහා ගම්වාසින්ගේ ද සහය ඇතිව ඔරුවක ආධාරයෙන් මහියංගණය වනජීවී කාර්යාලය වෙත ගෙන එනු ලැබුවා.

පසුව අලි පැටවාගේ සිරුරේ වූ වේලුන මඩ සියල්ල සෝදා පිරිසිදු කර ප්‍රතිකාර ආරම්භ කර ඊයේ (12) රාත්‍රියේම ගිරිතලේ පශූ වෛද්‍ය රෝහල වෙත බාරදී තිබෙනවා.

අද (13) වන විටත් අලි පැටවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින අතර දින කිහිපයක් ප්‍රතිකාර කිරිමෙන් පසුව පැටවාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශ කිරීමට හැකි වනු ඇති බවයි පශු වෛද්‍යවරුන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57