මඩේ එරී වන අලි හත්දෙනෙකුට දිවි අහිමි වෙයි

පොළොන්නරුව ජාතික ජල ගැලුම් නිම්න උද්‍යානයේ පිහිටි හඳපාන්විල ඕඩේ ඇලේ මඩ ගොහොරුවක එරී වන අලි හත්දෙනෙක් මියගොස් තිබෙනවා.

මෙම වන අලි හත්දෙනා මීට දින කිපයකට පෙර මඩ ගොහොරුවේ එරෙන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

මියගොස් ඇති වන අලි අතර අවුරුද්දක පමණ වයසැති අලි පපැටවෙක් ද සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය කණ්ඩායම විසින් හෙට (27) දිනයේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.