මට රඟපාන්න තහනම් – දැන් මම මේසන් වැඩ කරන්නෙ

ජනප්‍රිය විකට රංගන ශිල්පීයෙකුගේ රුවට අතිශය සමානකම් කියමින් බින්දු නැමැත්තෙකු පසුගිය දිනයන්හිදී දැකියහැකි වුණා. දෙරණ ලෝකය සහ ලෝකයෝ වැඩසටහන හරහා තමයි ඔහුව ප්‍රථමවරට මාධ්‍යයෙන් ඉදිරිපත් වුණේ. පසුව ඔහු එම ජනප්‍රිය ශිල්පියාගේ රංගනයට සමාන රඟපෑමක් පෙන්වමින් විවිධ චරිත රගපෑම සිදු කලා. නමුත් කාලයත් සමඟ ඔහු ක්ෂේත්‍රයේ දැකිය නොහැකි වූ බැවින් මේ සඳහා හේතුව ඔහු ප්‍රකාශ කර සිටියේ මෙලෙසින්

මම ශ්‍රී ලංකාවෙ ජනප්‍රිය රූපවාහිනී නාලිකාවකින් තමයි කලාවට ප්‍රවේශ වුණේ. දෙරණ නාලිකාවෙ චතුර අල්විස් ලෝකයා සහ ලෝකයෝ වැඩසටහනින් තමයි මාව ගේන්නෙ. ඔයගොල්ලො මාව දැකලා ඇති. ඒ අතර මට ලොකු නඩුවක් වැටිලා තියෙනවා.අපේ රටේ රංගන ශිල්පියෙක්ගෙන්. ඒ මම ඒ හා සමානයි කියලා. ප්‍රේක්ෂකයො මට ආදරෙයි. එතුමට සමානවම මගෙත් හැකියාවක් තියෙන නිසා මම හිතනවා මටත් ඒ වගේම ආදරේ ඇති කියලා.

ඉතින් මට නඩුවක් වැටෙනවා.නඩුව වැටුනත් අවුරුදු එකාමාරක් විතර මම රංගන ජීවිතේ හිටියා. ඕගොල්ලොන්ට දැන් මාව පේන්න නැතුව ඇති. ඒ නඩුව නිසා රඟපෑම මට තහනම් කරා වගේ එකක් වුණා.

රටේ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක් තමයි උදයකාන්ත මහත්මයා. එතුමට නඩුවක් දැම්මා මාව ගින්දරී ෆිල්ම් එකට ගත්තා කියලා. මාව ඩීවීඩී ෆිල්ම් වලට ගත්තු නිෂ්පාදකවරු තුන්දෙනෙකුටත් නඩු දැම්මා. ඒ නඩු වලින් පස්සෙ මට කිසිම අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදකවරයෙක් කිසිම වැඩකට කතා කරේ නෑ. මොකද එයාලට නඩු දාපු නිසා එයාලා බයයි.

ඒ නඩු කාලෙදි මගේ ප්‍රේක්ෂක යාලුවො මාව ගොඩක් තේරුම් අරගෙන මට සහයෝගය දුන්නා. ඒකට ගොඩක් ස්තූතියි සහ ගොඩක් පින්. මම දැන් ඉන්නෙ මම වැඩකරන තැන. මේසන් වැඩ තමයි මගේ ජොබ් එක. මොනා කරන්නද ජීවත් වෙන්නත් එපැයි.

ඉතින් මට ඔයාලට කියන්න ඕනි ඔයාලා නොදන්න දෙයක් තමයි අධ්‍යක්ෂකවරුන්ට නඩු දාලා මාව වැඩ වලට ගන්නෙ නෑ කියන එක. මට මොකද වුනේ කියලා ඕගොල්ලො දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. මම ඔයාලගෙන් ඉල්ලනවා නැවතත් ඔයාලගෙ ආදරේ මට ලබාදෙන්න කියල.

ඇත්තටම මම අනුකරණය කරන්නෙ නෑ.මගෙ මේ උපන් රූපය තියෙන්නෙ.මගේ උපන් හඬ.දත කඩාගෙන නෑ. මගේ නහයෙ තියෙනවා පාරක්. ගගේ නානකොට කකුල ලිස්සලා වෙච්ච අනතුරක් නිසයි දත කැඩෙන්නෙ. මම දන්න කාලෙ ඉදලා යාලුවො,ගමේ අය කිව්වෙ මම බන්දු අයියා වගේ කියලා. මොනා කරන්නද ජීවතේ හැටි මෙහෙම තමයි. තමන් කරපු පින් පව් වල හැටියට තමයි.

https://youtu.be/qDAy5M6OajM
  1. නිහතමානීව සමාජයේ පෙනෙන්නට පෙන්නන්නට උත්සාහ කරන බොහෝ දෙනෙකුගේ නිරුවත මෙයින් පසක් කරනු ඇත.
    සහෝදරයා කාලය හැම දෙයක්ම විසදුම.. ලබාදේවි.

  2. Aththatama a nadu dapu kana waradi ,meka nama danna bari hinda mukuth kiyanna na .me wada godak asadaranai
    .minihak issarahata eddi ohoma kakula adala hariyanne na udau karanna one . A upam rupanam a manussaya mokada karanna , aththatama lajjai (……) eya gana