මට ඕන වුණේ නෑ කිඹුලා අල්ලන්න. මට ඕන වුණේ බොඩිය ගන්න : දෙහිවල කිඹුල් ප්‍රහාරයේ කතාව

දෙහිවල මුහුදු ප්‍රදේශයේදී කිඹුලෙකු සපා කෑමෙන් අද උදෑසන විසිතුරු මසුන් අල්ලන කිමිදුම්කරුවෙකු මියයෑමත් සමග මේ වනවිට එම මුහුද අවට ජනතාව මහත් භීතියට පත්ව සිටීනවා. අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණා.

එලෙස මියගොස් ඇත්තේ, රත්මලාන කල්දේමුල්ල සුනාමි ධීවර නිවාසවල පදිංචිව සිටි කේ. ජයන්ත පීරිස් නම් 57හැවිරිදි අයෙකි.

එම පුද්ගලයා අද උදෑසන සුපුරුදු පරිදි සංගමයේ තවත් කිමිදුම්කරුවන් කිහිපදෙනෙකු සමග ගැඹුරු මුහුදේ කිමිදුම් කටයුතුවල යෙදී සිට තිබෙනවා.

මෙහිදී අනෙක්‌ කිමිදුම්කරුවන් අය උදෑසන 10.30ට පමණ නැවත වෙරළ දෙසට පැමිණෙමින් සිට ඇති අතර, ගැඹුරු මුහුදේ කිඹුලකු විසින් මිනිසකු කටින් ඩැහැගෙන යනු දැක ගොඩට පැමිණ අනෙකුත් ධීවර පිරිස් වෙත දන්වා තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් විසිතුරු මසුන් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති, එල්.එච්.රංජිත් සිල්වා සිද්ධිය පිළිබඳව මෙලෙස අදහස් පළ කර සිටියා.

“මට කෙනෙක් කෝල් කරලා කිව්වා, මෙහෙම ඩයිවර් කෙනෙක්ව අල්ලලා කියලා ආරංචියක් තියෙනවා පොඩ්ඩක් බලන්න කියලා. එතකොටම ටුවරිස්ලා වගයක් මුහුදට ගිහින් ගොඩට ආවා. ඒ අය දැකලා තියෙනවා මුහුදේ දී ඩයිවර් කෙනෙක්ව අල්ලාගෙන යනවා. මම ඉක්මනින් බෝට්ටුවක නැඟලා තව 4දෙනෙක් එක්ක මුහුදට ආවා. මට ඕන වුණේ නෑ කිඹුලා අල්ලන්න. මට ඕන වුණේ බොඩිය ගන්න. බොඩිය අරන් යද්දි හරි දුකයි දකිනකොට. යට අරන් යනවා ආය උඩ එනවා. මට මතක් වුණා බෝට්ටුවේ ඇන්කර් එකක් තියෙනවා. පස්සේ මං බෝට්ටුව කිඹුලා ළඟටම ඇවිල්ලා උගේ ඇඟට පැටලෙන්න ඇන්කර් එක දැම්මා. දාලා ඇන්කර් එක තද කරලා, බෝට්ටුව වේගයෙන් ඉස්සරහට ගියා. ඇන්කර් එක පැටලුණාම කිඹුලා බොඩි එක අතඇරියා. ඌ වෙන පැත්තකට ගියා. බොඩි එක මතු වුණා. මම ඉක්මනින් බොඩි එක බෝට්ටුවට දාගෙන ගෙනල්ලා කළුබෝවිල හොස්පිටල් එකට අරන් ගියා.

අපිට ඉදිරි වැඩ කරගන්න මේ කිඹුලාව අල්ලන්න ඕනේ. මොකද මේ සීසන් එක. ඩයිවර්ස්ලා මේ කාලේ තමයි කීයක් හරි හොයා ගන්නේ. ඔක්කෝමල්ලාම භීතියට පත්වෙලා හමාරයි. අනිවාර්යෙන් මෙයා තව එකක් කොහොම හරි ගොඳුරක් ගන්නවා. ඒක සීයට 1000ක් විශ්වාසයි. වනජීවි එකට ඇවිල්ලා අපෙන් උදව් ඉල්ලන්න කියන්න. අපිට ඒ අයට බෝට්ටු දෙන්න පුළුවන්. එකතුවෙලා මෙහෙයුමක් විදියට මේක කරන්න පුළුවන්. මේ සතාව අල්ලන්න ඕනේ.

සතාව මරණ එක අපිට කරන්න බෑනේ. අපිට නීතිය අතට ගන්න බෑ. දන්නේ නැති අය කෑගහනවා මරමු කියලා. නමුත් ඒ තත්ත්වෙට යන්න බෑ. නමුත් අපි අල්ලන්න උත්සහ කරමු. මොකද අපේ අනිත් ජීවිත බේරගන්න ඕනේ නේ. මේ දවස් ළමයි ඇවිල්ලා මුහුදේ නානවා. මං හිතන්නේ මෙහෙම හිටියොත් අද රෑටත් මුහුදේ නාන ළමයෙක්ව අනිවාර්යෙන් ම අරන් යනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39