මට ඕනේ හොඳ හවුස් වයිෆ් කෙනෙක් වෙන්න : රිද්මා පිලපිටිය

මෑත කාලයේ බොහෝ දෙනෙක් අතර කසු කුසුවක් ඇති කළ කෙනෙක් තමයි රංගන ශිල්පී, රොශාන් පිලපිටියගෙ සුරූපී බිරිඳ.
ඒ නිසා ම ඇයගේත් සහ රොශාන් පිලපිටියගේත් අළුත්ම තොරතුරු ගැන දැන ගන්න ගොසිප් ලංකා නිව්ස් අපි ඇය හා කතාබහ කළා.

1- අලුත් අවුරුද්දත් පටන් ගත්තා.මේ දවස් වල රිද්මා මොකද කරන්නේ?

— අලුත් අවුරුද්දෙ අලුත් වැඩකට අත ගහන්න සුදානමින් ඉන්නෙ.මගෙ ම කියල ඇදුම් ඔන්ලයින් බිස්නස් එකක් මම කරන්න හදන්නෙ. මම ඩිසයින් කරපු ඒවත් එක්ක රටිනුත් ගෙන්නනවා.දෙකම කලවමට යන්න “අමෝර් කලෙක්ෂන්” කියලා දැනට මම පේජ් එක එහෙම හදල තියෙන්නේ.ඉක්මණින් ම ඒකේ ෆොටෝස් දාලා ඔන්ලයින් ඒ වැඩේ පටන් ගන්නත් ඉන්නේ.ගිය අවුරුද්දේ ඉඳන් ඒකට සුදානම් වෙලා හිටියේ. ඉතිං හොද වෙලාවක් බලලා මේ අවුරුද්දේ පටන් ගන්න කියලා තමයි ඉන්නෙ.

2- වැඩියෙන් ම කැමති කලා කටයුතු වල ට සම්බන්ධ වෙන්න ද? පවුලත් එක්ක ගත කරන්න ද?

මම.. පවුලත් එක්ක, මම ආසයි හොඳ හවුස් වයිෆ් කෙනෙක් වෙලා ඉන්න.කලා කටයුතු වලට ළඟදි නිර්මාණයක් කළා දෙරණ නාළිකාවට .ඒක ටෙලි ෆිල්ම් එකක්. ඒකට පුතා,මට,රොශාන් අයියා,අයියගෙ අම්මා අපි හතර දෙනාටම ආරාධනා කළා ඒකෙ රඟපාන්න.අධ්‍යක්ෂකතුමා ලක්ෂ්මන් පුෂ්පකුමාර කතා කරලම කිවුව හින්ද තමයි රඟපෑවේ.මොකද මම රඟපාන්න කැමති නෑ. මම කැමති නෑ දරුවව තනියම දාලා යන්න.අම්මා කෙනෙක් නම් දරුවා ළඟ ඉන්න ඕනෙ.හස්බන්ඩ් ගොඩක් බිසී කෙනෙක්,ඉතිං මමත් බිසී වුණොත් පවුල ගෙනියන්න අමාරුයි.ඒ හින්දා මම කැමති ගෙදර ඉන්න.

3- ස්වාමියාගෙ කලා කටයුතු ගැන බිරිඳක් ලෙස,මවක් ලෙස තෘප්තිමත් විය හැකි ද? නීති එහෙම දානව ද?

——–නෑ නෑ.. ගොඩක් වෙලාවට එයා කියනවා, එන වැඩ කර ගන්න අමාරුයි දින දීගන්න බෑ කියලා. ඒත් මම කියන්නෙ ගෙදර ගැන මම බලාගන්නම් ඔයා රංගන කටයුතු බලාගන්න.ඒක ඔයාගෙ වෘත්තිය.මම එයාට කවදාවත් නීති දාන්නෙ නෑ.මමත් ගොඩක් වෙලාවට එයා වැඩ කරන තැන් වලට යනවා, ඒ වෙන මහන්සිය මම දකිනවා,මේකප් එකට පාන්දරින් යන්න වෙනවා,ඩයලොග් කට පාඩම් කර ගන්න ඕනේ ඒ හින්දා එයාට නිදහසේ ඒ දේවල් කර ගන්න සම්පුර්ණ නිදහස දීලා තියෙනවා.අපි දෙන්නා අතර තියෙන විශ්වාසයත් එක්ක කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ

4-ඔබේ කටයුතුවල දී ස්වාමියාගෙන් ලැබෙන සහයෝගය කොහොම ද?

ඇත්තටම එයා මට හොද සහයෝගයක් දෙනවා,මගේ වැඩවලදි එයා මට එයාගෙ අදහසුත් දෙනවා.අධ්‍යක්ෂවරු කතා කරද්දී එයා කියනවා ඔයා වැඩ කරන්න කියලා.ඒත් මගේ කැමැත්ත වුණේ ගෙදර ඉන්න එක.

එයාට පුළුවන් හැම වෙලාවකටම එයා මට මගෙ වැඩ වලට උදවු කරනවා.එයාගෙ අදහස් දෙනවා.

5- රූමත් බව හා ජනප්‍රියබව නිසා අයුතු යොජනා එහෙම ඇවිත් තියෙනව ද?

අයුතු යෝජනා ඇත්තටම දෙවියන්ගේ පිහිටන් මට එහෙමනම් කරදරයක් නෑ.ෆේස්බුක් එකේ ඉන්න පිරිමි කෙනෙක් වුනත් දන්නවා මම පවුලට ලැදි, හස්බන්ඩ්ට අවංකව ඉන්න කෙනෙක් කියලා.ඒ හින්දා පොඩි ඉඟියක්වත් දීල නම්මගන්න පුළුවන්කමක් නෑ කියලා දැනුනොත් කිසිම පිරිමියෙක්ගෙන් අයුතු යෝජනා එන්නෙ නැ.අනික ගොඩක් අය මට කැමති හොඳ අම්මා කෙනෙක්,හොඳ ගෘහනියක් විදියට දකිනකොට.ගොඩක් ඔය අයුතු යෝජනා එන්නේ බැඳපු අම්මා කෙනෙක්ට උනත් ඇඟ නිරාවරණය කරලා අදින පළදිනකොට තමයි.එත්කොට දකින කෙනෙක්ට එයා ගැන ගෞරවයක් ඇති වෙන්නේ නෑ. තමන්ගේ ස්වාමි පුරුෂයට විතරක් පේනන් ඕනේ දෙවල් ලෝකෙට පේන්න ඇන්දොත් ඉතින් අයුතු යෝජනා එනවා,එහෙම අඳිනවා කියන්නෙ ඒ වගේ දෙවල් වලට අත වනනවා වගේ දෙයක්.සමහර අය ඉන්නවා මට වඩා වැඩිමල් වුණත් මට අක්කා කියලා කතා කරන්නේ, ඒ මං දන්නවා මට ගෞරවයක් විදියට් තමයි එහෙම කියන්නේ.

6- විවාහය ගැන ඔබ දරන අදහස මොකක් ද?

ඇත්තටම විවාහ ජීවිතය හරිම සුන්දරයි.හැමදේම ලස්සනට විඳින්න දන්නවනම් විවාහය කියන්නේ ලස්සනම දෙයක්.විශ්වාසය,අවංකකම,කැපකිරීම තියෙනවනම් විවාහ ජීවිතය සාර්ථකයි. තමන්ට විතරක් හැමදේම ගන්න නෙමේ,හස්බන්ඩ්ගෙන් විතරක් හැමදේම බලපොරොත්තු නොවි බිරිඳක් වශයෙනුත් තම යුතුකම් ඉටු කරොත් පවුල් ජීවිතය ලස්සනට ගෙනියන්න පුළුවන්.

7- දවසක පවුල හා කලාව අතරින් එකක තෝර ගන්න සිදු වුණොත් ඔබ තෝර ගන්නේ මොකක් ද?

ම්ම්ම්ම්…මං හිතන්නේ සම්මාන ගොන්නක් තියාගෙන පවුල් ජීවිතයක් නැතුව ඉන්න කැමති කෙනෙක් නෙමේ මම.මගේ සම්මානය මගේ පවුල් ජීවිතය.හොඳ අම්මා කෙනෙක් විදියට,හොඳ බිරිඳක් විදියට කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් විදියයි මගේ සම්මානය කියන්නේ.

8- ජනතාවට බලාපොරොත්තුවෙන් ඉන්න විශේෂ අලුත් දෙයක් එහෙම තියෙනවනම් පොඩි ඉඟියක් දෙන්න කැමතිද?

—ම්ම්ම් ගිය අවුරුද්දෙ අපි රෙස්ටුරන්ට් එකක් ඕපන් කරා. ඉතින් එකත් දියුණු කරන් මගේ ව්‍යපාරයත් කරගෙන යන්න තමයි මන් බලපොරොත්තු වෙන්නේ. වෙන විශේෂ දෙයක් නම් නෑ ඉතින්.

9- රිද්මා, මේ දවස් වල ආර්ථික තත්ත්වය එහෙම කොහොමද? ගෑස් ප්‍රශ්න එහෙම තියෙනවද?

— මෙහෙමයි. මම දේශපාලනය ගැන දන්නේ නෑ.මට වැඩකුත් නෑ.අපි ජීවත් වෙන්නේ කොළඹ. ඉතිං ඉඩකඩ ප්‍රශ්නත් එක්ක අපි උයන්නේ ගෑස් වලින් තමයි.දැන් ගෑස් නෑ කියලා මං කාටවත් බනින්න යන්නෙ නැ.මං දැන් කරන්නේ පුළුවන් විදියට මැටි ලිපක් ගෙනත් දරත් ගෙනත් මැටි ලිපේ උයනවා.ප්‍රශ්න ආවට මං කාටවත් දොස් කියන්නේ නැ, මම කොහොම හරි ඒවට විසදුම් හොයා ගන්නවා.

10- කලාවට අලුතෙන් එන අයට මොකුත් කියන්න එහෙම තියෙනවද?

—– මෙහෙමයි රංගනයට එනවනම් ඉගෙන ගෙන එන්න ඕන තරම් තැන් තියෙනවා.අනුන්ට ගරු කරන්න ඉගෙන ගන්න.ඒ වගෙම ආත්ම ගෞරවය තියන් වැඩ කරන්න ඕනේ.වටිනාම දේ මිල-මුදල්වත් ජනප්‍රියකමවත් නෙමේ.ආත්ම ගෞරවයයි. ඒක හිතේ තියන් වැඩ කරොත් හොඳ ගමනක් යන්න පුළුවන්.ඒ වගේමයි එහෙම හිටියොත් දවස ගානේ ගොසිප් හැදිලා ජනතාවගේ අප්‍රසාදෙට ලක් වෙන්නෙත් නෑ.

සංවාදය :
ගොසිප් ලංකා නිව්ස්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32