මට එයාව හමුවුණේ ඇඟ හදාගන්න ජිම් එකට ගිය වෙලාවේ.. මම එයාගේ ළඟින්ම ඉන්න ඕනෑ කියලා හිතුවා

‘සිරි පැරකුම්’ සිනමාපටයේ ‘කළු එතනා’ගේ චරිතයෙන් කරළියට ආ සිනෙති, සිනමාව තුළ වැඩි ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් රුවැත්තියක්. පසුගිය කාලයේ පුංචි තිරයට සම්බන්ධ වීමත් සමඟ නාට්‍ය ගණනාවකම ඇයව දැකගන්නට ලැබුණත්, සිනෙති ප්‍රේක්ෂක ඔබට නිතර මුණගැහෙන්නේ සිනමාවෙන්. සිනමාවෙන් නිතර දැකපු සිනෙති කාලෙකට පස්සේ මේ දිනවල ‘මෙට්ට්‍රෝ හීන’ සමඟ පුංචි තිරයෙන් මුණගැහෙනවා. ‘මෙට්ට්‍රෝ හීන’ ටෙලිනාට්‍යයේ ‘සඳලි’ගේ චරිතයෙන් ඔබ හමුවට එන ඇය මෙවර එකතු කරගන්නට සිතුවා.

විවාහයෙන් පස්සේ සිනෙතිට මොකද වුණේ?

“ඇත්තටම විවාහයෙන් පසසේ මම කලාවෙන් ඈත් වුණා නෙමෙයි, විවාහ වෙනවාත් එක්කම තමයි කොරෝනා වසංගතය ලංකාවට බලපෑවේ. කොරෝනා වසංගත තත්ත්වය එක්ක වැඩ ගොඩක් අඩු වුණා. කරන්න හිටපු වැඩ නතර වුණා. වැඩ නොකර හිටියේ නැහැ. කඩින් කඩ කලා කටයුතුවලට දායක වුණා. කරපු වැඩ, චිත්‍රපට, ටෙලිනාට්‍ය ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා.”

වැඩිපුරම සිනෙතිව අපි දකින්නේ සිනමාවෙන්. සිනෙතිට ටෙලිනාට්‍ය මග ඇරෙනවා ද? එහෙම නැත්නම් මග අරිනවා ද?

“වැඩිපුරම චිත්‍රපටිවලට තමයි මූලික තැන දෙන්නේ. හොඳ චරිතයක් ලැබුණොත් ටෙලිනාට්‍ය කරනවා. මෙගා නාට්‍යවලට නම් මගේ ලොකු කැමැත්තක් නැහැ. කොටස් අඩු නාට්‍යවලට නම් හොඳ චරිත ලැබුණොත් මම දායක වෙනවා. දැනටත් ටෙලිනාට්‍ය කිහිපයක්ම කරලා තියෙනවා. ඒවා ඉතින් කොයි කවදා විකාශනය වේවි ද කියලා නම් දන්නේ නැහැ. මට ගොඩක් ආරාධනා ලැබෙන්නේ සිනමා නිර්මාණවලට. ඉදිරියටත් කරපු චිත්‍රපට හතරක් තිරගත වෙන්න තියෙනවා.”

මේ තාක් රංගනයෙන් දායකත්වය දුන් චරිත අතරින් විශේෂයෙන් කැමැති චරිතයක් තිබෙනවා ද?

“මම කරපු හැම චරිතයකටම ආදරෙයි. සිරි පැරකුම් චිත්‍රපටයේ කළු එතනාගේ චරිතයටයි, සරිගම චිත්‍රපටයේ ඕලුගේ චරිතයටයි මම ගොඩක් ආදරෙයි. ඒ චරිත දෙක කලාව තුළ මට හොඳ අත්තිවාරමක් වුණා.”

කාලෙකට පස්සෙ ‘මෙට්ට්‍රෝ හීන’ ටෙලිනාට්‍යය එක්ක සිනෙතිට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා නේද?

“අනිවාර්යයෙන්ම ඔව්. සඳලි කියන චරිතයට හිතුවාටත් වඩා ප්‍රතිචාර ලැබෙනවා. මම කොහොමත් ෆැන්ටසි චරිතවලට කැමැති නැහැ. අභියෝග තියෙන චරිතවලට මම හරිම කැමැතියි.

‘මෙට්ට්‍රෝ හීන’ ටෙලිනාට්‍යයේ පිටපත අතට ගත්තාම සඳලිගේ චරිතය මගේ පපුවටම වැදුණා. මම මීට කලින් කරලා තියෙන්නේ පොඩි ළමයින්ගේ, අවුරුදු 16, 17 වයස්වල ළමයින්ගේ චරිත. සඳලි කියන්නේ අම්මා නැති ගෙදර මල්ලිට අම්මා කෙනෙක් වෙන අක්කෙකුගේ චරිතයක්. සඳලි කියන්නේ සමබරව හැමදේම දරාගෙන හැම ප්‍රශ්නයකට මුහුණ දෙන දිරිය කාන්තාවක්. විශේෂයෙන් සජිත ඇන්තනි අයියා මතක් කරනවා. මම ඔහු එක්ක රඟපාන පළමු අවස්ථාව. මේ චරිතය සාර්ථක කරගන්න ඔහුගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා.”

සඳලි වෙනුවෙන් සිනෙතිට වෙනස් වෙන්න වුණු තැන් තිබුණා ද?

“ඇත්තටම ඔව්. සඳලි කියන්නේ මැදි වයසේ අම්මා සහ අක්කා කියන දෙකම ඉස්මතු වන චරිතයක් නිසා මුලින්ම මගේ බොළඳ ගතිය නැති කරගත්තා. කෙට්ටු වෙන්න හිතාගෙන ඉන්නකොට තමයි මට මේ චරිතය ලැබුණේ. පසුගිය කාලේ මම මහත් වෙලා හිටියේ. ඒ මහත් වීම සඳලිගේ චරිතයට වාසනාවක් වුණා. මේක වයසින් මුහුකුරා ගිය චරිතයක් නිසා මගේ මහත පෙනුම සඳලිට හොඳට ගැළපුණා.”

දිගටම ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණොත් සිනෙතිගේ සිනමා හීනය මග ඇරෙයි ද?

“සිනමාව තමයි මගේ ජීවිතයට බලාපොරොත්තු ගොඩක් ගෙනාවේ. අදටත් මට ඕනෑ හොඳ සිනමා නිළියක් වෙන්න. ඒ කියන්නේ ටෙලිනාට්‍යවලට අකැමැතියි කියන එක නෙමෙයි. හොඳ චරිතයක් ලැබුණොත් මම භාර ගන්නවා.

අද වෙනකොට සිනෙති ජනප්‍රිය නිළියක් කියලා හිතනවා ද?

“අපෝ නැහැ. කළු එතනාගේ චරිතයෙන් ආපු කාලේ මම හරිම ආඩම්බරයි කියලා ගොඩක් අය කිව්වා. කළු එතනා ආඩම්බර වුණාට සිනෙති කවදාවත් ආඩම්බර වෙලා නැහැ. ඇත්තටම මම මේක ජනප්‍රියත්වය සොයාගෙන ආපු ගමනක් නෙමෙයි. ටෙලිනාට්‍ය පැත්තෙන් ගොඩක් වැඩ කළා නම් ප්‍රේක්ෂකයන් අතර මීට වඩා ජනප්‍රිය වෙන්න තිබුණා. ඒත් මට එහෙම ජනප්‍රිය වෙන්න වුවමනාවක් එදා තිබුණෙත් නැහැ. ඉදිරියටත් නැහැ. හෙමින් ගමන ඇඟට හොඳයි. කළු එතනාගේ චරිතයෙන් පටන් ගත්ත මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මගේ අඩුපාඩු හදාගත්තා. තාමත් මම ඉගෙන ගනිමින් තමයි මේ ගමන යන්නේ.”

විවාහයෙන් පස්සේ සිනෙතිව පුංචි තිරයෙන් දකින පළමු අවස්ථාව. කොහොම ද විවාහ ජීවිතේ?

“පවුල් ජීවිතේ හොඳින් ගෙවිලා යනවා. විවාහ වුණු අලුතම රටේ තත්ත්වය නිසා ඇඳිරිනීතිය දැම්මානේ. ඒ තත්ත්වයත් එක්ක අපිට එකට ඉන්න අවස්ථාව ලැබුණා. අපි දෙන්නා ඉතින් හරිම සතුටෙන් ජොලියෙන් ජීවත් වෙන දෙන්නෙක්.”

විවාහයෙන් පස්සේ සැමියාගෙන් සිනෙතිට රංගන ජීවිතේට සීමා මායිම් වැටිලා නැද්ද?

“ඇත්තටම නැහැ. ආදරය කරන කාලෙදිවත් මට රඟපාන්න එපා කියලා තහංචි දාලා නැහැ. මට එයාව මුණගැහෙන්නෙත් සිරි පැරකුම් චිත්‍රපටයේ කළු එතනාගේ චරිතය වෙනුවෙන් ඇඟ හදාගන්න ජිම් එකට ගිය වෙලාවේ අකිල අයියලා හරහා.
ඔහු කවදාවත් මාව නීති රාමුවක් ඇතුළේ කොටු කරලා නැහැ. ඔහු මගේ කලා කටයුතුවලට උපරිම නිදහස දීලා තියෙන්නේ. ඒ වගේම ඔහු මගේ වැඩවලට විශාල සහයෝගයක් දෙනවා. විවාහයෙන් පස්සේ කොහොමත් මගේ ජීවිතේ පළමු තැන දුන්නේ මගේ පවුලට. විවාහ වෙන්න කලින් මම ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළා. එතැනින් පස්සේ රැකියාවට සමු දුන්නා. මොකද මගේ සැමියාගේ අම්මායි තාත්තායි දෙන්නාම නැහැ. මම එයාගේ ළඟින්ම ඉන්න ඕනෑ කියලා හිතුවා. විවාහයෙන් පසසේ ජීවිතේ ලොකු කාලයක් කැප කළේ මම එයා වෙනුවෙන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දටත් හිනා ගිය උමන්දාවේ හිමිගේ සැර හින්ට් එක..ඉතුරු වෙච්චා කන්නද කියන්නේ ?
02:45
Video thumbnail
නාමල් කැමති අසූචි මතින් දේශපාලනය කරන්නද ?..නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
03:06
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36