spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මට්ටක්කුලියෙන් නාඳුනන මළ සිරුරක් සොයාගෙන

මට්ටක්කුලිය පොලිස් වසමේ හැඳල තොටුපොළ පාරේ කැළණි ගං ඉවුරට මළ සිරුරක් ගොඩගසා තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම මළ සිරුර ඊයේ (17) පෙරවරුවේ සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස සොයාගත් පුද්ගල මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් ආවරණය වී නොමැති අතර, මියගොස් ඇති පුද්ගලයා උස අඩි 05යි අඟල් 04ක් පමණ උස අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අදාළ පුද්ගලයාගේ හිස තට්ටය පෑදී ඇති අතර, දකුණු අතේ මේනකා යනුවෙන් ද වම් ඇත්තේ සෙල්වි යනුවෙන් පච්චා දෙකක් කොටා ඇති බව සඳහන්.

අදාළ මෘත ශරීරය පොලිස් මෘත ශරීරාගාරයේ මේ වනවිට තැන්පත්කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?