spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මගේ ෆොටෝස් ඉන්ටග්‍රෑම් එකෙන් දැකලා තමයි කතා කරන්නේ

ඇය නවකයකි. නමුත් ඇයට බොහෝ ප්‍රතිචාර හිමි වෙමින් පවතී. අපට ඇයව හමු වන්නේ සුජීව ප්‍රියාල්ගෙ Inter නැසනල් නාට්‍යයේ චරිතයකිනි. එහි මීනු වූ ඇය යෙහාලි ටාෂියා කාලිදාසය. මීට පෙර ඇය බොහෝදෙනා හඳුනා ගත්තේ රූපවාහිනී දැන්වීම් නිසාය. දැන් රංගනයට පැමිණ සිටින ඇය සමග අපි පුංචි කතාබහක යෙදුණා.

කවුද මේ ටාෂියා?

නම යෙහාලි ටාෂියා කාලිදාස. මම තාම ඉගෙන ගන්නවා. 2022 වසරේදී තමයි උසස් පෙළට පෙනී ඉන්නේ. මගේ ගම නුවර. පවුලේ විස්තර කිව්වොත් මමයි, අක්කයි, අම්මයි, තාත්තයි විතරයි ඉන්නේ. පවුලෙ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. අම්මා ගෘහණියක්. තාත්තා – සංචාරක අංශයේ වැඩ කරන්නෙ. පවුලේ අක්කා චීනයේ සිට උසස් අධ්‍යාපන කටයුතුවල නියැලෙනවා.

රංගනය ආරම්භ කලේ ?

මම මුලින්ම රංගනයට නෙමෙයි එන්නේ. මුලින්ම මම වෙලෙඳ දැන්වීම සඳහා තමයි දායක වෙන්නේ. මම දැන්වීම ක්ෂේත්‍රයට එන්නේ අහම්බෙන්. ඒ මගේ ෆොටෝස් ඉන්ටග්‍රෑම් එකෙන් දැකලා චතුර ෆෙරෝෂ් තමයි කතා කරන්නේ. මගේ මුල්ම වෙළෙද දැන්වීම තමයි චෙකර්ස් කුකීස්. ඊට පස්සේ  තවත් වෙළෙඳ දැන්වීම බොහෝ ප්‍රමාණයට දායක වෙනවා.

ඒ තමයි කොමර්ෂල් බෑන්ක්, Hutch, පෙප්සි, මෝර්ටීන්, පීසා හට්, සතොස, AMW, SLTC Campus, සන්ලයිට්, මැගී පපරේ කොත්තු, MD සෝස් කියන වෙලෙඳ දැන්වීම කිහිපය.

ඊට පස්සේ ඉන්ටර්නැසනල් එකට එකතු වෙන්නේ ඊට පස්සේ තමයි මම ඉන්ටර්නැස්නල් එකට එකතු වෙන්නේ. අම්මා තමයි මාව ගොඩක් උනන්දු කලේ ඒකට සහභාගී වෙන්න.

ප්‍රවීණයන් එක්ක වැඩ කරද්දී ලැබෙන අත්දැකිම්

ඒක හිතා ගන්න බෑ. දූලිකා අක්කා වගේ ගොඩක් ප්‍රවීණ අය මේ ටෙලි නාට්‍යය තුළ වැඩකටයුතු කරනවා. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය, මට ලැබෙන උපදෙස් ගොඩක් වටිනවා.

හීනයක්ද මේ රංගනය ?

අනේ නැහැ. මගේ හිතේ මේ රංගන කේෂේත්‍රය ගැන හීනයක් තිබුනේ නැහැ. මගේ හීනේ තියෙන්නේ ගුවන් සේවිකාවක් වෙන්නයි. නමුත් අහම්බෙන් මේ ක්ෂේත්‍රයට ආවේ. හැබැයි ආසාවෙන් එහි වැඩ කටයුතු කරන ගෙන යනවා.

රංගන කටයුතු අධ්‍යාපනයට බාධාවක් නැද්ද?

ඇත්තටම මම උසස් පෙල විභාගයට පෙනී පෞද්ගලික අංශය ඔස්සෙයි. ඉතිං ඒ නිසා වැඩ කටයුතුත් එක්ක අධ්‍යාපනය සමබරව කරගෙන යනවා.

මේ සදහා කොහොමද අම්මා තාත්තාගෙන් ලැබෙන සයහෝගය?

ඇත්තටම ඒක ලොකු ශක්තියක්. ඒ දෙන්නා තමයි මේ දෙයට වැඩියෙන්ම කැමති. මම ඉන්නේ නුවර අම්පිටියේ. ඉතිං කොළඹ තමයි ශුටින් එහෙම තියෙන්නේ. තාත්තා මාව ශුටින් දවස්වලට නුවර ඉඳන් කොළඹ එක්කන් යනවා. ඉතිං ඒ අය නිසා තමයි මම පහසුවෙන් මේ දේවල් වලට සහභාගී වෙන්නේ.

ටාෂි ට ලැබෙන ප්‍රතිචාර?

හිතාගන්න බැරි තරම් හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙ. මීනුට මිනිස්සු හරි ආදරෙයි. පාරෙදි දැක්කත් ගොඩක් අය අඳුර ගෙන කතා කරනවා. ඒකට මට හරි සතුටුයි. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය ඔස්සෙත් බොහෝ දෙනාගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔවුන්ගේ ප්‍රතිචාර තමයි මගේ මේ ගමනට ලොකු හයියක් වෙන්නේ. ධනුෂ්ක රත්නායකගෙ ටෙලි නාට්‍යයක රඟපෑමට ආරාධනා ලැබුණා. ඒකෙ නම දාම්. මේ දිනවල ඒ නාට්‍යයේත් රඟපානවා.

ඊට අමතරව චිත්‍රපටයක රඟපෑමට අවස්ථාව ලැබුණා. අරුණ ජයවර්ධන මහතාගෙ Happy Birth Day ඒ චිත්‍රපටයේ නමයි. තවත් නාට්‍යයක් සඳහා ආරාධනා ලැබුනා. ඒකේ නම තාම මම හරියටම දන්නේ නැහැ.

මේ ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිත්නේනේ?

ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. හිතා ගන්න බෑ. හැමෝටම ස්තූති වන්ත වෙනවා ඒ දේවල් වලට.

කවුද මේ ගමනට ඔයාට උදව් කලේ?

ඇත්තෙන්ම ඔව්. මුලින්ම මගේ අම්මා තාත්තා ඇතුලු මගේ පවුලේ හැමෝටමයි. ඊට පස්සේ චතුර ෆෙරොස්, දුලීකා මාරපන අක්කා, වින්ඩි අසේරියල්, සමීර මධු, ස්ටේනර් ඇඩම්ස්, ධනුෂ්ක රත්නායක, ගයාන් පෙරේරා වගේම මට නවාතැන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් විශේෂ ස්තූතිය ගයාන් දිනේෂ් පෙරේරාවත් මතක් කරනවා.

151099613 3577338959050565 1001313621598633118 o 1
152105853 477454403660158 6841603402124169664 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?