මගේ වැරදි තිබුණා – සමහර දේවල් නිසා මගේ ජීවිතේ නාස්ති උනා

දිමංක වෙල්ලාලගේ කියන නම ලංකාවෙ නොදන්න කෙනෙක් නෑ වගේම,ඔහු මේ වෙනකොට රසිකයන්ව ඉතා ඉක්මනින් තමන් වෙතට ආකර්ෂනීය කරගත්ත කෙනෙක්.ඔහුගේ ගීත සියල්ලක්ම එක රැයින් ජනප්‍රිය වුණ ගීත.ඉතිං අද අපි සුහද කතාබහකට ආරාධනා කලේ මේ සුන්දර කඩවසම් දිමංක වෙල්ලාලගේ කලාකරුවාටයි.

දිමංක..කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳින් යනවා.ඒත් මේ සිස්ටම් එක එක්ක නම් හරිම අමාරුයි.ඒත් බාධක කම්කටොලු මැද ජීවිතේ කොහොමහරි අරන් යන්න වෙනවා.මිනිස්සුන්ට අමාරුයි..ඒත් කොහොමහරි අල්ලන් යන්නම වෙනවා.

මේ දවස් වල shows වල තත්වෙ කොහොමද ?

ඇත්තටම කලින් තිබ්බ තරම් shows නම් නෑ.මේ අර්බුධ එක්ක මේ කාලෙ shows කරන්න අමාරුයි.පිට පලාත්වල නම් තියන ඒවට සහභාගී වෙනවා..

දිමංක මොන වගේ කෙනෙක්ද?

දිමංක කියන්නෙ බොහොම සරල මනුස්සයෙක්.මටම ආවේණික වෙච්ච විදියට,මට දැනෙන විදියට ජීවත් වෙන්න මම කැමතියි.අනිත් අයට උදව් කරන්න වගේම මම දන්න දේවල් අනිත් අයට කියලා දෙන්න ගොඩක් ආසයි.

නාවික හමුදාවට බැඳුන කාලෙ කොහොමද ?

2008 වර්ෂයේදි මම නාවික හමුදාවට බැදුණෙ.මට එතකොට අවුරුදු 18යි.මගේ බඳවා ගැනීම 169 වෙනි බඳවා ගැනීම.මම නාවික හමුදාවෙන් විසිර යන්නෙ 169 බඳවාගැනීමෙ විශිෂ්ටතම ආධුනික නැවියා වෙලා.මම අවුරුදු 04 කට කිට්ටු කාලයක් නාවික හමුදාවෙ සේවය කලා.

නාවික හමුදාවෙ සේවය කරන කාලෙ වෙච්ච අමතක නොවෙන සිදුවීම් තියද?

මම පාසින් අවුට් වෙලා මුලින්ම ගියේ මුල්ලිකුලම් වලට.විල්පත්තු කැලේ ටිකක් එලි පෙහෙළි කරගෙන තමයි අපිට ඉන්න උනේ.අපිට තිබුනේ යුධ හමුදාවෙන් අල්ල ගත්ත ප්‍රදේශ බලාගන්න.ඒ කැලේ සත්තු සර්පයෝ පුදුම විදියට.එක දවසක් මහන්සියට මට නොදැනුවත්වම විනාඩියක් දෙකක් නින්ද ගියා.නැගිටලා ටෝච් එක ගහනකොට මගේ යාලුවා ජයකොඩි ගාවම මාර විශාල නයෙක් ඉන්නවා.මම ජයකොඩිට කතා කරලා ඉක්මන්ට කිව්ව ගමන් මිනිහා එතනින් පැන්නා.එතකොටම මම නයාට වෙඩි තිබ්බා.තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම් ජයකොඩිගෙ ජීවිතේ අනතුරේ..

කොහොමද එතකොට ගායකයෙක් උනේ?

මම නිදහසට ආස කෙනෙක්.මට ඕන අරමුණකට යන්න පුලුවන්.මම ආස නෑ රාමුවකට කොටු වෙලා ඉන්න සහ යාලුවො කියන්න ගත්තා මචං උඹ සිංදු කියනකොට feel වෙනවා..උඹ ගායකයෙක් වෙයන්…මේ වගේ කතා..මගෙ හිතත් ඒක කියන්න ගත්තා.ඊට පස්සෙ නාවික හමුදාවෙන් අයින් වුණා.

“නිදුකින් ඉනු මැන” ගීතයෙන් කොහොමද ජීවිතේ වෙනස් උනේ?

නිදුකින් ඉනු මැන ගීතයට කලින්,මම අමාරුවෙන් රැකියා කීපයක්ම කරලා ගීත 7ක් 8ක් කළා.ඒත් නිදුකින් ඉනු මැන මගේ ජීවිතේ ලොකු පෙරලියක් කලා.මිනිස්සු අතරට මම ගියේ එතනින් පස්සෙ.

පවුල් ජීවිතය ගැන විස්තර කිව්වොත්?

මගෙ Wife චින්තියා.දුව ඇනාලියා.එයාට දැන් අවුරුදු 3යි.මේ දවස් වල ඉතිං බබාව ඉස්කෝලෙ දාන වැඩ වලට මහන්සි වෙනවා. මගෙ wife තමයි මට උදව් කලේ මේ තැනට එන්න.දැනටත් එහෙමයි..මට මුකුත්ම නැති කාලෙ එයා තමයි ආර්ථික වශයෙන් උදව් කලේ..එයාට පුලුවන් හැමවෙලේම මට ශක්තියක් උනා.හැමවෙල්වෙම එයා මං වෙනුවෙන් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා මගෙ හැමදේටම.

කොහොමද පවුලක වගකීම දැනෙන්නෙ?

ඒක වෙනස්ම අත්දැකීමක්.පවුලක් එක්ක,දරුවොත් එක්ක ජීවත් වෙනවා කියන්නෙ තනියම තනිකඩව ජීවත් වෙනවා වගේ නෙමෙයි.ඉබාගාතෙ යන්න බෑ.අපි කරන හැම දෙයකම බලපෑම අපේ පවුලට තියනවා.ඉවසීමෙන් මේ ගමන යන්න ඕන.

මොකක්ද අර show එකකදි මයික් එක අරන් මනුස්සයෙක් දුවපු කතාව?

අම්මෝ ඔව්,මාවනැල්ලෙ show එකකදි ඒක වුණේ.මම සාමාන්‍යයෙන් ඕඩියන්ස් එකත් එක්ක සහයෝගයෙන් ඉදලා එයාලට රසවින්දනය දෙන කෙනෙක්.ඕඩියන්ස් එකට මයික් එක දික් කලා මාත් එක්ක සිංදුව කියන්න,එතකොටම මනුස්සයෙක් මයික් එක උදුරන් ගියා.අන්තිමට මයික් එකේ කෑලි හම්බුනේ.ඒ සිද්ධියට කෙනෙක් comment එකක්දාලා තිබ්බා ” අපි සල්ලි දීලා උඹලව ගෙන්නන්නෙ අපිට සිංදු කියන්න නෙමෙයි කියලා”.මට කළකිරුනා.. entertaining කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති මිනිස්සු නේද මේ කියලා හිතුනා.හොඳ රසිකයනුත් මේ වගේ මිනිස්සු නිසා නැති වෙනවා.

තව මොනවද එහෙම වෙච්ච දේවල්?

නිවිතිගලදි show එකක සින්දු කියනකොට ළමයෙක් මාව බදාගෙන වැටෙන්න ගියා.මම වැටෙන්න යනකොටම මාව ඇදලා ගද්දි කව්දෝ මගෙ සපත්තුව ගලවගත්තා.මේවා අපිට නම් අවුලක් නෑ.ඒත් අපේ ජේෂ්ඨයෙක්ට මේ දේ උනා නම් කොයි තරම් අපහසුතාවයකයට පත්වෙනවද..

දිමංකට අවස්ථාවක් හම්බුණොත් අතීතෙට ගිහින් තමන් අතින් වෙච්ච වරදක් නිවැරදි කරන්න,දිමංක වෙනස් කරන්නෙ ජීවිතේ කොතනද?

මම ක්ශේත්‍රයට ආව මුල් කාලෙ මම මාර අකීකරුයි,දඩබ්බරයි..මම කරපු සමහර වැරදි වැඩ තිබුණා.මුදල් පාලනය තනිකරම ගිලිහුනා.මගෙ අතින් ගොඩක් රිය අනතුරු උනා..අනවශ්‍ය ආශ්‍රයන් අනවශ්‍ය දේවල් නිසා ජීවිතේ නාස්ති උනා.මට අවස්තාවක් හම්බුනොත් මම ඒ වැරදි නිවැරදි කරගන්නවා.

මොනවද ඉස්සරහට තියන වැඩ?

මේ දවස් වල මගෙ “නලෝලා” ගීතය ගොඩක් ප්‍රසිද්ධ උනා.ඒකත් එක්ක මම අලුත් project එකක් පටන් ගත්තා පෙරමුණ ශ්‍රී ලංකා කියලා. ඒක සම්පූර්යෙන්ම අහිංසක මිනිස්සු වෙනුවෙන් කරපු දෙයක්.ඒ වගේම මම අසරණ කලාකරුවන් 35 දෙනෙක්ට රුපියල් 10,000 බඩු මලු ලබා දෙනවා සංගමයක් හරහා.ඒක මගෙ සමාජ මෙහෙවරක්.

මොනවද රටට මේ වෙලාවෙ කියන්න තියෙන්නෙ?

මේ වෙලාවෙ හැමෝගෙම මානසිකත්වය අවුල්.මොන විදියට ප්‍රශ්න ආවත් අපි ඒවා දරාගන්න ඕන.අපි අවුල් වුණ නිසා තමයි අපේ රට අරාජික වුණේ.ඒ නිසා මගේ එකම ඉල්ලීම අපි මේ වෙලාවෙ එකා වගේ අනිත් අයට උදව් කරමු.

සංවාදය – සචිනි සත්සරණි
Dasatha Lanka News



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33