මගේ පෙම්වතා රන්ජන්

කලා ක්‍ෂේත්‍රයටම පායපු දේවතාවියක් ලෙසට ඇයව හඳුන්වන්නට පුළුවන්. ශාන්තිගේ කලා ගමන පටන්ගන්නේ ඇයට වයස අවුරුද්දක් පිරෙද්දි. ඒ හෙළ සිනමා නිළි රැජන මාලනි ෆොන්සේකා සමඟ. ඇයව ගොඩදෙනෙක් දැනහඳුනගත්තේ ‘විශ්ව ගමන’ ටෙලිනාට්‍යයේ ‘ඉෂ්වරි’ ලෙසටයි. පසුකාලීනව ජනප්‍රියතම ටෙලිනාට්‍ය රැසක ඇය රඟපෑවා. ඒ විතරක් නෙවේ බොලිවුඩ් නිර්මාණ රැසකටද ඇයගේ රංගන හැකියාව ලබා දුන්නා. පසුගිය දවසක ඇයව එක්තරා විදිහේ ‘Case’ එකකට පැටලුණා. මේ ‘Case’ මොකද්ද කියල දැනගන්න ශාන්ති එක්ක කතා කළා.

  • ශාන්ති පැත්තකට වෙලා හිටිය ඔබට පැටලුණු ‘Case’ එක මොකක්ද මේ?
    මමත් පැටලුණා තමයි එක්තරා විදිහේ ‘Case’ එකකට. හැබැයි එය වෙනස්ම විදිහේ සිනමා නිර්මාණයක්. එය ‘Case-447’ ලෙසට තමයි හඳුන්වන්නේ. මම ඒ චිත්‍රපටයේ දර්ශන් ධර්මරාජ්ගේ බිරිය විදියට තමයි රඟපාන්නේ. නැතුව වෙන මොනවත් ප්‍රශ්නයකට මට මුහුණපෑමට සිදුවෙලා නැහැ.
  • ඔබව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ ඔබ 90 දශකයේ. ඒ මතකය අවදි කළොත්?
    ඇත්තටම ඒ අතීතය හරිම සුන්දර කාලයක්. මම හිතන්නේ අදටත් මම ඒ නිරූපණය කළ ‘විශ්ව ගමන’ ටෙලිනාට්‍යයේ ‘ඉෂ්වරි’ චරිතය අදටත් මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට මතකයි. අදටත් ඒ ටෙලිනාට්‍ය නරඹපු ගොඩදෙනෙක් මාව හඳුන්වන්නේ ‘ඉෂ්වරි’ අක්කේ කියලා තමයි. 90 දශකයේ ලංකාවෙත් ත්‍රස්තවාදී ක්‍රියා බහුලවම සිදුවන කාලවකවානුවක්. මම ත්‍රස්තවාදී චරිතයක් තමයි නිරූපණය කළේ. මගේ පෙම්වතා ලෙසට රඟපෑවේ රංජන් රාමනායක තමයි.
  •  ඔය කාලවකවානුවේ ඔබ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙසට පත්වී සිටිය කාලයක් නේද?
    ඔව්… ඔය කාලයේ මම ජනතාවගේ ආදරය හිත දිනාගත්ත කාලයක් තමයි. මොකද ඒ කාල
    වකවානුවේ මම රඟපාපු ටෙලිනාට්‍ය කිහිපයක් ජනතාව වැලඳගෙන හිටියේ. නේත්‍රාංජලී, දාමිණි ටෙලිනාට්‍ය ඒ අතර හඳුන්වන්නට පුළුවන්.
  •  ඔබේ අත ළඟට ආපු සම්මානයත් ගිලිහී ගියා නේද?
    ඒ දවස හරිම දුක්බරයි. මොකද ඒ කාලවකවානුවේ මට තිබුණු ප්‍රතිචාරත් එක්ක ගොඩදෙනෙක් මට කිව්වේ සහාය නිළිය සම්මානය මට තමයි ලැබෙන්නේ කියලා. ඒ මම නිරූපණය කළ ‘ඉෂ්වරි’ චරිතය වෙනුවෙන්. එදා සම්මාන රාත්‍රියේ මගේ නම පවසන කොට මම හිටිය අසුනෙන් නැඟිට්ටා දෙනෝදාහක අත්පොළොසන් මැද. ඒත් ටික වෙලාවකට පසු නිවේදක පැවැසුවා වැරැදීමකින් කියලා වෙන රංගන ශිල්පිනියකගේ නම පැවැසුවේ. එදා දැනුණු වේදනාව කවදාවත් අමතක වෙන්නේ නැහැ. මට අවසානයේ ඒ මොහොතේ ඉතිරි වුණේ දුක විතරයි.
  •  ‘වැඩිහිටියන්ට පමණයි’ චිත්‍රපට සඳහා ඔබේ යම් දායකත්වයක් අපි දැක්කා..?
    වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට සඳහා මම සම්බන්ධ වුණේ ඒ චිත්‍රපට කතාවේ හොඳ චරිතයකට විතරයි. නැතුව අඩ නිරුවත් චරිත සඳහා මම පෙනී සිටියේ නැහැ. වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන චිත්‍රපට රැසකින් මට ආරාධනා ආවා. නමුත් මම ඒ සියල්ලම ප්‍රතික්‍ෂේප කළේ මගේ ප්‍රතිරූපයට හානි කරගන්න කැමැති නැති නිසා. ධර්මසේන පතිරාජගේ ‘මතුයම් දවස’ චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතය රඟපෑවා. කිණිහිරියා මල්, උණුසුම් රාත්‍රිය චිත්‍රපටවල මම රඟපෑවේ මගේ ප්‍රතිරූපයට හානියක් නොවන චරිත.
  •  වර්තමානයේ නම් අපි දකිනවා නවක ශිල්පීන් එවැනි නිර්මාණවලට කිසි බයක් නැතුව ඉදිරිපත් වන බව?
    එය ඉතින් ඔවුන්ගේ කැමැත්ත. සමහරු සල්ලිත් එපා කියලා ජනප්‍රිය වීමට එවැනි චරිත නිරූපණය කරනවා. හැබැයි ඉතින් එහෙම ආපු කිසිම කෙනෙක්ට දීර්ඝකාලීන පැවැත්මක් නැහැ. පත්තුවුණා වගේම සුළු මොහොතකින් නිවිලා යනවා. එහෙම යන්න මට අවශ්‍ය නැහැ. එවැනි කාල වකවානුවක තමයි මම නිහඬ වෙලා හිටියේ හොඳ නිර්මා ණයකින් මට ආරාධනාවක් ලැබෙනකම්.
  •  ‘ගිනිස්’ වාර්තා පොතට එකතු වුණු මනෝ රම්මා ජනප්‍රිය රංගන ශිල්පිනිය සමඟ ඔබට රඟපෑමටද අවස්ථාව උදාවුණා?
    මම හිතන්නේ අපේ ක්‍ෂේත්‍රයේ කිසිම කෙනකුට නොලැබුණු අවස්ථාවක් මට හිමිවුණා. මනෝ රම්මා ලෝක වාර්තාවක් තියපු සුවිශේෂී රංගන ශිල්පිනියක්. ඇය ගීනස් වාර්තා පොතේ අස්සන් කරපු සුවිශේෂී රංගන ශිල්පිනියක්. ඇයගේ දුව ලෙසට තමයි මම ‘වාවා තියාරේවා’ බොලිවුඩ් නිර්මාණයක ඇය සමඟ රඟපෑවේ.
  •  එවැනි සුවිශේෂී දක්‍ෂතා ලෝකයටම පෙන්වපු ඔබට සිනමාවෙන් ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ල නේද?
    එය ගැන මටත් දුකයි. මට භාෂාවන් කිහිපයක්ම කතාබහ කරන්න පුළුවන්. මට නර්තනය පැත්තෙන් ඕනෑම නර්තනයක් කරන්න පුළුවන්. ටෙලිනාට්‍යවලින් මම යමක් කළත්, මගේ දක්‍ෂතාවය හරිවිදියට පාවිච්චි කරගත්තේ නැහැ. සිනමාවෙන් අධ්‍යක්‍ෂවරුන් සෑහීමකට පත්වෙන්න පුළුවන් චරිතයක් මම තවම චිත්‍රපට පැත්තෙන් කරලා නැහැ.
  •  අපට ආරංචි විදියට ඔබ දේශපාලන වැඩකටයුතු නිසයි නිර්මාණවලින් දුරස්වී සිටින්නේ?
    එයත් එක් හේතුවක් තමයි. නමුත් මගේ ප්‍රතිරූපයට හානිවන විදියට. කාන්තාවට නිසි ගරුත්වයක්, රැකවරණයක්, ආරක්‍ෂාවක් නැති අය සමඟ මම වැඩ කරන්න කැමැති නැහැ. මම කලාවට හදවතින් ආදරය කරනවා. කලාවට දේවත්වයෙන් ගරු සැලකිලි දක්වන අය සමඟ තමයි මම වැඩ කරන්නේ.
    වසන්ත විතාරණගේ

mawurata news



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50