මගේ පෙම්වතා මට වඩා වසර තුන හතරකින් බාලයි

කලකට පෙර ඉතා නිහඬ දිවියක් ගතකළ මේධා ජයරත්න පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත ඇති කළ පෙරළිය සුළු පටු නොවේ. මේධාගෙ පුද්ගලික ජීවිතය ගැන හොයන්න බොහෝ දෙනා පෙළඹෙන්නේ මේ වෙනසත් සමගයි. කොටින්ම කියනවා නම් පහුගිය කාලයේ අන්තර්ජාලයේ පුවත් මවන චරිත අතර ඉදිරිපෙළට පත් වූ මේධා මේ සටහන තබන මොහොතේත් එලෙසින්ම පුවත් මවමින් සිටිනවා.

මේ දවස්වල මොනවද කරන්නෙ ?
මම රඟපාන ‘මෙට්‍රෝ හීන’ සහ ‘ඉන්ටර්නැෂනල්’ යන ටෙලි නාට්‍ය දෙක මේ දවස්වල විකාශය වෙනවා. ඒ හැරුණම පහුගිය කාලයේ තවත් ටෙලි නාට්‍ය දෙකක රඟපෑවා.

කොවිඩ් කාලේ මේධාට වැඩ අඩු වුණේ නැද්ද?
විශේෂයෙන් සඳහන් කරන්න තරම් අඩුවක් නැහැ. කොවිඩ් නිසා ගෙදරටම වෙලා ඉන්න සිද්ධ වුණ කාලේ හැරුණාම මට නම් ටෙලි නාට්‍ය තිබුණා.

උපාධිධාරිණියක් විදිහට ස්ථිර රැකියාවක් කළා නම් මීට වඩා හොඳයි කියලා හිතිලා නැද්ද?

නැහැ. මට කොහොමත් එහෙම පසුතැවීමක් නම් නැහැ. උපාධිධාරිණියක් ලෙස රජයේ සේවයට බැඳුණා නම් මාසෙ පුරාම වැඩ කරලා වැඩිම වුණොත් රුපියල් හැට හැත්තෑදාහක වැටුපක් ලබයි. නමුත් ඒ ගාණ අපි කලාකරුවන් විදිහට දවස් කිහිපයක් වැඩ කරලා හොයනවා. වැඩසටහනක නිවේදන කටයුතු මෙහෙයුවොත් එක දවසට රුපියල් හතළිස්දාහක් පනස් දාහක් ගන්නවා. එහෙම බැලුවාම රජයේ සේවකයෙක් මාසෙම වැඩ කරලා හොයන මුදල් අපි එක දවසකින් හොයන අවස්ථාත් තියෙනවා.

දුවගෙයි පුතාගෙයි තොතුරු මොනවද ?
පුතාට දැන් අවුරුදු 18යි. දුවට අවුරුදු 8යි. ඒ දෙන්නම පාසල් අධ්‍යාපන කටයුතුවල යෙදිලා ඉන්නවා.

අද ඔබ දරුවන්ගෙන් ඈත්වෙලා නේද ?
ඒ ගැන නම් කතා කරන්නත් කනගාටුයි. මොකද ඒ ගැන කතා කරද්දි තැළෙන්නේ දරුවො නිසා. දරුවන් හා අම්මා කෙනෙක් අතර තියෙන බැඳීම මොනම හේතුවකින්වත් කාටවත් වෙනස් කරන්න බැහැ. නමුත් මිනිස්සු තමන්ගේ හිත්වල තියෙන තරහා දරුවන් හරහා පිරිමහන්න හදනවා. මම සති දෙකකට වරක් දරුවන්ව බලනවා.

දරුවන් එසේ ඔබෙන් ඈතක සිටින්නේ ඔබේ කැමැත්ත මත නෙවෙයිද ?
මම ඒ ගැන මීට පෙරත් මාධ්‍යයට කතා කරලා තියෙනවා. මම කවදාවත් කැමති වුණේ නැහැ වැඩිහිටියන්ගේ ප්‍රශ්න ඉදිරියේ මොනම හේතුවක් නිසාවත් දරුවන් අතරමැදියන් කරගෙන එයාලව පීඩාවට පත්කරන්න. ඒ නිසා ඒ අවස්ථාවේ මම යම් තීරණයක් ගත්තා. නමුත් මම අදටත් කියන්නේ දරුවො දෙන්න භාරගන්න මම කැමතියි. මට කිසිම නඩත්තු මුදලක් හෝ වන්දියක් වුවමනා නැහැ.

පෙම්වතෙක් නැති බව හඟවමින් සිටි ඔබ පෙම්වතා ගැන හෙළි කළේ ළඟදී විවාහ වෙන්නද ?
මට පෙම්වතෙක් ඉන්නවා. නමුත් විවාහයක් ගැන නම් මම තවම දින වකවානු යොදාගෙන නැහැ. පෙම්වතෙක් ඉන්නවා කියලා මම ප්‍රකාශ කරන්න බලපෑ හේතු තිබෙනවා.

ගැහැනියක් තනියම ඉන්නකොට ඇතැමුන් හිතනවා අපිට කිසිම හව්හරණක් නැහැ, අපි අසරණයි, ඔවුන්ගේ මුදල්වලට අපේ ජීවිත ගන්න හැකියි කියලා. සමහරු එක එක කතා හදනවා. විවිධ යෝජනා කරනවා. මගේ ජීවිතයට ආදරයක් රැකවරණයක් තියෙනවා. මම වැඩ කරන්නේ මගේ කාලය නිකරුණේ ගත වෙන නිසා.

මට ජීවත් වෙන්න පුළුවන්. ආර්ථික පැත්තෙන් මම වැටිලා නැහැ. කාගෙවත් දේවල් අරන් ජීවත් වෙන්නවත් කාගෙවත් යෝජනාවලට අවනත වෙන්නවත්, කාගෙවත් පිළිසරණ පතන්නවත් මට ඕන නැහැ.

අපේ කලාකාරිනියන් තමන්ට වඩා වයසින් බාල පෙම්වතුන් තෝරාගැනීම රැල්ලක් වෙලා තියෙනවා ?

මම හිතන්නෙ නැහැ ආදරය කරන්න වයස බලපානවා කියලා. මගේ පෙම්වතා මට වඩා වසර තුන හතරකින් බාලයි. ඒක ඔහුට ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් මටත් ප්‍රශ්නයක් නෙවෙයි. අපි දෙන්නට ප්‍රශ්නයක් නොවේ නම් ඒක සමාජය ප්‍රශ්නයක් කරගත යුතු නැහැ.

විවාහය කල් දාන්න බලපාන විශේෂ හේතුව මොකක්ද ?

අපේ රටේ විවාහයක් කර ගන්නවා වගේ පහසු නැහැ, දෙන්නෙකුට වෙන් වෙන්න වුණාම. උසාවි ගාණේ රස්තියාදු වෙලා කාලය කා දමමින් මානසික පීඩනයට පත් වෙමින් ලොකු කාලයක් ගත කරන්න වෙනවා. දෙන්නෙක්ට වෙන් වෙන්න තියෙන අමාරුව නිසාමයි මම විවාහ වෙන්න හදිස්සි නොවෙන්නෙත්.

පහුගිය කාලයේ මේධාගේ පුද්ගලික ජීවිතය ඕනවට වඩා සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක්වුණා කියලා හිතුණේ නැද්ද ?

මම පුංචි කාලෙ ඉඳන්ම විලාසිතාවලට ආසයි. ලස්සනට හැඩට ඉන්න ආසයි. හැබැයි අපි ආස දේවල් අපිට ඒ ආකාරයෙන් කරන්න ඉඩ නොලැබෙන අවස්ථා තියෙනවනේ. දෙමව්පියෝ එක්ක ඉද්දි තාත්තගේ නීතිරීති යටතේ හැදුණා. ඊට පස්සේ ස්වාමියාගේ නීතිරීති යටතේ ජීවත් වුණා. ඒ බැඳීම්වලින් නිදහස් වෙලා නිදහසේ ජීවත් වෙන්න ලැබුණාම මම ආස විදිහට ජීවත් වෙන්න පටන් ගත්තා. සමාජයේ අයට කුද ගහගන්න කියලා මම සතුටින් මට ආස විදිහට ජීවත් වෙනවා.

ධම්මිකා සුරංජි පතිරණ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11