spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘මගේ නරක ම විවේචකයා ඇයයි” – අමිතාබ් බච්චන්

ජයා බච්චන් (Jaya Bachchan) යනු තමන්ට සිටින නරක ම විවේචකයා බව සුප්‍රසිද්ධ මෙන් ම ප්‍රවීණ බොලිවුඩ් රංගධර අමිතාබ් බච්චන් පවසනවා.

තමන් රංගනයෙන් දායක වන බොහෝ නිර්මාණ සම්බන්ධයෙන් පළමු ව විවේචනය එල්ල වන්නේ සිය ආදරණීය බිරිඳ වන ජයා බච්චන්ගෙන් බවයි අමිතාබ් සඳහන් කළේ.

අමිතාබ් සහ ජයා බච්චන් යන යුවළ බොලිවුඩ් සිනමාවේ අතිශය ප්‍රසිද්ධියක් උසුලන අතර, මෙම සුප්‍රසිද්ධ දෙපළ විවාහ වී ද දැනට වසර 50ක් ගත වනවා.

ඉන්දීය සුප්‍රසිද්ධ වෙබ් අඩවි වන Starry Nights හි Komal Nahta සමග මීට පෙර සම්මුඛ සාකච්ඡාවක දී ද, Amitabh පැවසුවේ ජයා ඔහුගේ නරක ම විචාරකයා බවත්, ඇය සමහර අවස්ථාවල චිත්‍රපටයේ විවේචනවලින් ද ඉවත් ගිය අවස්ථා ඇති බවයි.

ඇතැම් අවස්ථාවල දී ඇය සමග සිනමාවේ සිය රංගනයන් ගැන කතාබස් කරන විට ආදරණීය ගැටුම් ඇති වන අවස්ථාවන් ද ඇති බව අමිතාබ් බච්චන් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?