‘මගේ අතින් වැරදි වෙන්න ඇති..’- ජනපති ස්වයං විවේචනයකට සූදානම්

පසුගිය වසර දෙකේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් ස්වයං විවේචනයක් සහිතව ඉදිරි වසර තුන තුළ සෞභාග්‍යයේ දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය එකඟත්වයකට පැමිණ ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම එකඟතාවය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේම යෝජනාවකට අනුවය.

‘පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඇමැතිවරුන්ගෙන්ද අඩුපාඩු වෙන්න ඇති. ස්වයං විවේචනයක් තුළ අඩු පාඩු මගහැර ඉදිරි වසර තුනේදී එකතුවෙලා වැඩ කරමු ’ යනුවෙන් ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.

එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුමද අදහස් පළකරමින් සනාථ කර තිබේ.

  1. ස්වයං විවේචනය මොලේ නැති කමට උත්තරයක් වෙන්නේ නැහැ. මෙච්චර සම්පත් තියෙන රටක් දියුණු කරන්න බැරි මෝඩ පාලකයෝ. තම වරද නිවැරදි කර ගන්න ඕනේ නම් මුලින්ම පිටරටවලට බදු දීපු විකුනපු ඉඩම් දේපොළ අපහු ගන්න. මොකද මේ රටේ කිසිම කෙනෙක් ඔහෙලට රට විකුණන්න අවසර දීලා නැහැ. එහෙම විකුඅන්න කියා චන්දෙ දිලිත් නැහැ.

  2. ඔබතුමාව අපට විස්වාශයි මේ වසර තුන තුල වැරදි නිවැරදි කර ඉදිරි ගමනක් යාමට අපෙ සුභ පැතුම්🙏