‘මගේ අතින් වැරදි වෙන්න ඇති..’- ජනපති ස්වයං විවේචනයකට සූදානම්

පසුගිය වසර දෙකේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් ස්වයං විවේචනයක් සහිතව ඉදිරි වසර තුන තුළ සෞභාග්‍යයේ දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය එකඟත්වයකට පැමිණ ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම එකඟතාවය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේම යෝජනාවකට අනුවය.

‘පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඇමැතිවරුන්ගෙන්ද අඩුපාඩු වෙන්න ඇති. ස්වයං විවේචනයක් තුළ අඩු පාඩු මගහැර ඉදිරි වසර තුනේදී එකතුවෙලා වැඩ කරමු ’ යනුවෙන් ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.

එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුමද අදහස් පළකරමින් සනාථ කර තිබේ.

  1. ස්වයං විවේචනය මොලේ නැති කමට උත්තරයක් වෙන්නේ නැහැ. මෙච්චර සම්පත් තියෙන රටක් දියුණු කරන්න බැරි මෝඩ පාලකයෝ. තම වරද නිවැරදි කර ගන්න ඕනේ නම් මුලින්ම පිටරටවලට බදු දීපු විකුනපු ඉඩම් දේපොළ අපහු ගන්න. මොකද මේ රටේ කිසිම කෙනෙක් ඔහෙලට රට විකුණන්න අවසර දීලා නැහැ. එහෙම විකුඅන්න කියා චන්දෙ දිලිත් නැහැ.

  2. ඔබතුමාව අපට විස්වාශයි මේ වසර තුන තුල වැරදි නිවැරදි කර ඉදිරි ගමනක් යාමට අපෙ සුභ පැතුම්🙏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14