මගීන් 46දෙනෙක් ගමන් ගත් සුඛෝපභෝගි බස්රථයක් පෙරලී යයි

මැදවච්චිය පොලිස් වසමේ යාපනය – මහනුවර මාර්ගයේ දී සුඛෝපභෝගී පුද්ගලික බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළී ගොස් තිබේ.

ඉකිරිගොල්ලෑව රණවිරු ගම්මානය හන්දියේ දී වැල්ලවත්ත සිට යාපනය දක්වා ධාවනය වු එම බස්රථය රියදුරුට පාලනය ගත නොහැකිව එලෙස පෙරළී ගොස් ඇතැයි පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී බස්රථය තුළ මගීන් 46දෙනෙක් සිට ඇති අතර ඉන් මගීන් 8දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර, පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ – නුවර මාර්ගයේ බුළුගහ හන්දියේ දී මහනුවර දෙසට ධාවනය වු ලොරි රථයක් පදික මාරුව මතින් ගමන්ගත් කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් 74 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03