මගීන් 28 දෙනෙකු රැගත් ගුවන් යානාවක් මුහුදට කඩා වැටෙයි

පුද්ගලයින් 28 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේදී අතුරුදන් වී ඇතැයි එරට බලධාරීන් පවසනවා.

An-26 මාදිලියේ ගුවන් යානයක් වන එය පලානා නමැති ප්‍රදේශයේදී ගොඩබැස්වීමට ආසන්නව තිබියදී ගුවන් යානා පාලන මැදිරිය සමග පැවති සම්බන්ධතා බිඳ වැටී තිබේ.

ගුවන් යානය පියාසර කර ඇත්තේ, පෙට්‍රොපව්ලොව්ස්ක් ප්‍රදේශයේ සිටය.

අදාළ ගුවන් යානය මුහුදට කඩා වැටී ඇතැයි ඇතැම් වාර්තාවල දැක්වේ.

ගුවන් යානය අනතුරට ලක්වන විට කුඩා දරුවෙකු ඇතුළු මගීන් 22 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සිට ඇතැයි බලධාරීහු පවසති.

පලානා ප්‍රදේශයේ රාජ්‍ය පරිපාලන ප්‍රධනියා ද මෙම ගුවන් යානයේ සිට ඇතැයි නිල නොවන වාර්තාවල සඳහන් වනවා.