”මං මුදල් වංචාවක් සිදු කර නැහැ” – හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික කට අරියි

මුදල් වංචාවක් තමන් සිදුකර නොමැති බවත්; මාධ්‍ය මගින් සහ එක්තරා දේශපාලන කණ්ඩායම් මගින් තමාට කරන ලද මඩ ප්‍රහාරයක් බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා.

මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාගෙන් පැය පහක් ප්‍රශ්න කරා යැයි
පළ වූ ප්‍රවෘත්තිය සාවද්‍ය බවට පවසමින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අද (12) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

මෙම සිද්ධිය 2024 වර්ෂයේ මුල දී සිදු වූ දෙයක් බවත් ආධාරකරුවෙකුගේ දරුවෙකු විදෙස්ගත කිරීම සඳහා ජෝර්ජ් ස්ටුවට් ආයතනය හරහා ටිකට් ගැනීමට යෑමේ දී සිදු වූ ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ අතර පසුව ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනය හරහාම එම මුදල අදාළ පුද්ගලයන්ට ලබාදීමට තමා කටයුතු කළ බවයි ‍රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

මෙහිදී තමන් කිසිදු වැරැද්දක් කර නොමැති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, තමන්ට මුදල් වංචාවක් කිරීමට අවශ්‍ය වූවා නම් එම මුදල තමන්ගේ බැංකු ගිණුමට බැරකර නොගෙන වෙනත් අයෙකුගේ ගිණුමකට බැර කිරීමට හැකියාව පැවති බවයි.

මෙවැනි ජනාධිපතිවරණ සමයක් තුළ අසත්‍ය ප්‍රචාර වපුරමින් ජනතාවට අසත්‍ය තොරතුරු ලබා නොදෙන ලෙසට ද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.

මාලිමාවේ දේශපාලන පාර්ශ්වයන්ට දොස් නගමින් ඔහු කියා සිටින්නේ, මෙවැනි ක්‍රියාවන් එම පාර්ශ්වයන් විසින් සිදු කරනු ලබන බවයි.

කෙසේවෙතත්; පසුගිය දා රුපියල් ලක්ෂ 30ක මුදල් වංචාවක් පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැය 5කට අධික කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශයක් ලබාගත් බවට තොරතුරු වාර්තා වුණා.

එහිදී කරන ලද විමර්ශනවලින් හෙළි වූ තොරතුරු මත රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව කියන වයික්කාලේ පදිංචි රොසාන් සේනානායක සහ කොච්චිකඩේ පදිංචි මොහොමඩ් අලි නමැත්තන් එම මුදල් වංචාව සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු බවයි පැවසුණේ.

පසුව ඔවුන් දෙදෙනා මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ විසින් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ඇප මත මුදාහැර ඇති බවයි දසත වාර්තාකරු පැවසුවේ.

එම සිදුවීම මුල් කර ගනිමින් රාජ්‍ය අමාත්‍යවරයා අළලමින් මෙකී ප්‍රවෘත්තිය ගොඩනැගුණු අතර; ඊට පිළිතුරු ලබාදීම සඳහා අද දිනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32