“මං කොහොමද අම්මලා තාත්තලාට මුහුණ දෙන්නෙ. ඔයා මාව විනාශ කළා. ඔයා මාව ගැහැනියක් කළා.”

බදුල්ලෙ ඉඳල කොළඹ එන බස් එකේ කට කපලා සෙනඟ. කලින්ම බස් එකට නැග්ග නිසා නවීන්ට අසුනක් ලැබුණා. මේ සෙනඟ අස්සෙන් මතුවෙච්ච සුරූපී තරුණියක් නවීන්ගේ අසුන ලඟ හිටගත්තා. ලස්සන තරුණියක් එක්ක ඇඟේ ගෑවිගෑවි යන්න ලැබෙන එකත් වාසනාවක් කියල නවීන්ට හිතුණා.

” ඔයා කොළඹ ද යන්නෙ ? “

ටික වෙලාවකට පස්සෙ අර සුරූපී තරුණිය මිහිරි හඬින් නවීන්ගෙන් ඇහුවා.

” ඔව් මං කොළඹ යනවා. ඔයා කොහෙද “ නවීන් පෙරළා ප‍්‍රශ්න කළා.

” මාත් කොළඹ යන්නෙ. බලන්නකො බස් එකේ සෙනඟ අද නම් එපා වෙයි. “ සුරූපිනිය නවීන් දිහා හොරෙන් බලලා ඉඟිකරමින් කිව්වා.

බස් එක ගමන් ආරම්භ වුණා. බස් එක යන වේගෙට වඩා වැඩි වේගයකින් නවීන් අර සුරූපිනිය එක්ක හිතවත් වුණා.

“මං ආශා. කොළඹ වර්ක් කරන්නෙ. නිවාඩු ඇවිත් ආපසු යන ගමන්.”

ආශා නවීන්ගෙ ඇඟට හේ්ත්තු වෙලා බොහොම කුළුපග විදිහට කතා කළා. නවීන්ට උන් හිටිතැන් මතක නැහැ. දෙන්නා බොහෝ දේ කතා කළා. නවීන් විවාහ වෙලා දරුවො ඉන්න තාත්තා කෙනෙක් වුණත් මේ සුරූපිනිය ඉස්සරහ හැසිරුණේ කෙළිලොල් තරුණයෙක් විදිහට.

” ඔයා හරි ලස්සනයි ආශා. ඇත්තටම මගේ වාසනාවට ඔයාවගේ කෙනෙක් අඳුනගන්න ලැබුණේ. මං කැමතියි ඔයාව ආශ‍්‍රය කරන්න, මේ සම්බන්ධය දිගට ගෙනියන්න. “ නවීන් කිව්වා.

” මේ ඇත්තමයි කියන්නෙ නවීන් මේ කෙටි වෙලාවට මටත් ඔයා ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. මේ පෙර ආත්මවල පතාගෙන ආව සම්බන්ධකම් වෙන්න ඇති ආශා විමසුවා. ”

” අපි බස් එකෙන් බැහැල ටිකක් රෙස්ට් කරලා යමු. නිදහසේ ගමන් කරන්නත් පුළුවන්නෙ. “ ආශා යෝජනා කළා.

නවීනුත් ඒ යෝජනාවට එක පයින් කැමැති වුණා. කොහෙද යන පිනක් ඉහේ කඩාවැටුණා කියලා නවීන් යටි හිතින් සතුටු වුණා. දෙන්නා අතරමඟදී බස් එකෙන් බැස්සා. ත‍්‍රීරෝද රථයක නැගලා අතරමඟ තිබුණු නවාතැන්පළකට රිංගුවා. නවීන් ජංගම දුරකථන අලෙවි කරන වෙළෙඳසලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්. කොළඹ යන්නෙ දුරකථන මෙන්ම අමතර කොටස් ගේන්න. ඒ වෙලාවේ නවීන් අතේ යහමින් මුදල් තිබුණා. නවාතැන්පළේ තිබුණු ඉස්තරම්ම කෑම බීම නවීන් ඕඩර් කළා. බියර් බෝතල් කීපයක් ගෙන්න ගෙන දෙන්න හොඳටම බිව්වා.

” දැන් රෑ බෝ වෙන්නත් ළඟයි. අපි අද මෙහෙ ඉඳල හෙට උදෙන්ම යමු. මට උදේ ඔෆිස් ගියහම ඇති. බදුල්ලෙ ඉඳල එන නිසා මට පොඩි චාන්ස් එකක් දෙනවා ඔෆිස් එකෙන්.” ආශා නවීන්ට තුරුලූ වෙලා කිව්වා.

එදා රාත‍්‍රීය නවීන්ට අමතක නොවන සුන්දර රාත‍්‍රියක් විදියට ගෙවිල ගියා. නවීනුත් ආශාත් ඔවුන්ගේ ආශාවල් අවශ්‍යතාවන් නොසඟවා මුදා හැරියා. පහුවදා උදේ නවීන් ඇහැරෙනකොට ආශා ඇඳ කෙළවරේ ඉඳගෙන වැලහින්නක් වගේ අඬනවා. නවීන් උඩගිහිල්ලා බිම වැටුණා, මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා හිතාගන්න බැරිව.

” මං කොහොමද අම්මලා තාත්තලාට මුහුණ දන්නෙ. ඔයා මාව විනාශ කළා. ඔයා මාව ගැහැනියක් කළා. “ එහෙම කිය කියා ආශා නොනවත්වාම අඬන්න ගත්තා. නවීන්ට දැන් කර කියා ගන්න දෙයක් නැහැ. මොනවා කිව්වත් අශාව සනසගන්න බෑ.

” මං පොලීසි යනවා. ඔයා මාව දූ ෂ ණ ය කළා. මං පැමිණිල්ලක් දැම්මොත් ඔයාට ගස් යන්න වෙන්නෙ. “ ආශා එහෙම කිව්වහම නවීන්ට දෙලොව රත්වුණා.

“ඒක මාර කතාවක්නෙ. කොහෙ හරි යමු කියල යෝජනා කළේ් ඔයා. අනික මේ හැම දෙයක්ම සිද්ධ වුණේ අපි දෙන්නගෙම කැමැත්තට. ඔයා මොකක්ද දැන් කරන්න හදන ජරා වැඬේ. “ නවීන් ආශාගේ සා හ සික වදන් ඉදිරියේ අසරණ වුණා.

” මට ඒවයින් වැඩක් නැහැ. මං පොලීසි යනවා. ඔයාට ගොඩින් බේරගන්න ඕන නම් මට 50 000 දෙන්න. නැත්නම් අපි දෙන්න පොලීසි ගිහින් මේක බේරගමු.” ආශා ඇඟට පතට නොදැනෙන්න කිව්වා.

ආශා පොලීසි ගියොත් මේ ප‍්‍රශ්නෙ දුරදිග යනවා. ලස්සනට තිබෙන පවුලත් අන්තිමේදී කැඩිල බිඳිල යනවා. සමාජයට මුහුණ දෙන්න බැරිව යනවා. මේ හැම එකක් ගැනම හිතලා නවීන් ආශාට 50 000 ක් දීලා වැඩේ ගොඩින් බේරා ගත්තා. හොටෙල් ගාස්තුත් රුපියල් 15 000 ක් ගෙවලා නවීන් හිස් අතින් නවාතැන්පළෙන් පිටවුණා.

ජංගම දුරකථනයි, අවශ්‍ය අමතර කොටස් මිලදී ගන්න තිබුණු සල්ලි ටික පූජා කරල නවීන් හිස් අතින්ම ආපසු ගෙදර ගියා. මාස දෙක තුනක් ගතවෙද්දී නවීන්ට හොඳටම අසනීප වුණා. සහලෝල උණ. ඇඟේ වේදනාව දරාගන්න බෑ. අන්තිමේදී නවීන් රෝහල්ගත වුණා. පරීක්‍ෂණ කටයුතු එකින් එක සිදු කළා. අන්තිමේදී තමයි දැනගත්තෙ නවීන්ට දරුණු සමාජ රෝගයක් වැළඳිලා කියලා.

ටික දවසක් යද්දි ආශා ගැන හැම තොරතුරක්ම හොයා ගන්න නවීන්ට අවස්ථාව ලැබුණා. ආශා කියන්නෙ නොම්බර එකේ ගණිකාවක් කියලා දැනගන්නකොට හැම දෙයක්ම සිද්ධ වෙලා. මග තොටේ ඉන්න පෝසත් මිනිස්සු රවට්ටලා ඒ අය අමාරුවේ දාල සල්ලි ගන්න එක ආශගෙ රැකියාව කියල දැනගන්නකොට නවීන් ප‍්‍රමාද වැඩියි.

-රණදේව-

(මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම දිවයින)

  1. මේ වාගෙ අහම්බෙන් හමුවෙන කාන්තාවන් සමග සන්වාසයෙ සන්සර්ගයෙ යෙදෙන විය කොපුවක් පාවිච්චි කිරීම දහස් වටිනවා;පොත්ත සහ ලස්සනට වඩා තම ජීවිතය ගෙන සැලකිලිමත් වෙන්න ; අඩුම ගානෙ සන්සර්ගයට කලින් රතු ලූනු ගෙඩියක් දෙකට කපා එම තරුනියගෙ ලින්ගයෙ අතුල්ලා කරානම විෂ බීජ සීයට 80ක් වත් අඩු කරන්න තිබ්බා; එහෙත් සමහර තරුනියන් එයට ඇකමැතියි , ඔවුන් අසනවා උම්බ ආවෙ මෙකෙ අච්චාරු දමන්නද කියලා. එසෙ ඇසුවොත් ඔබට අච්චාරු බොතලයකට ඔබගෙ අවයවය දමනට සිදුවෙයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15