spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මංගල දිනය දා දෑවැද්ද ඉල්ලූ මනාලයා ගස් බැඳලා – දෙපාර්ශ්වය අතර ගැටුමක්

මනාලියගෙන් දෑවැද්ද ඉල්ලූ මනාලයෙක් මංගල දිනය දා ගස් බැඳීමේ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මනාලියගේ පවුල් අය විසින් මනාලයා මෙලෙස ගස් බැඳ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

පසුගිය 14 වනදා මංගල උත්සවය අවස්ථාවේ දී මනාලයාගේ මිතුරෙකු විසින් ආරවුලක් ඇති කර ඇති අතර, එහිදී එය පවුල් දෙක අතර ගැටුමක් බවට පත්ව තිබෙනවා.

එම අවස්ථාවේ දී මනාලිය සහ මනාලයා මල්මාලා හුවමාරු කර ගැනීමට පෙර, මනාලයා විසින් දෑවැද්ද ඉල්ලා සිටීමත් සමඟ ගැටුම තවත් තීව්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කෝපයට පත් මනාලියගේ පාර්ශ්වයෙන් උත්සවයට සහභාගී වී සිටි පිරිස විසින් මනාලයාව අල්ලා මෙලෙස ගස් බැඳ ඇති බව සඳහන්.

අනතුරුව එම ස්ථානයට පොලිසිය පැමිණීමෙන් පසු පැය කිහිපයක් ගස් බැඳ සිටි මනාලයාව මුදා ගැනීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
105
+1
8
+1
7
+1
4
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?