මංගල ගමනට ලස්සන ගෙනදෙන අපේ රටේ දුලාංජලී – Video & Photos

ලස්සනට ජීවත් වෙන්න අපි කවුරුත් කැමතියි..
ඒ විදිහට ලස්සනට ජීවත් වෙන්න අපිව හැඩ කරන අය ගැන ඔබත් අහලා ඇති.
මේ කියන්න යන්නෙත් ඒ වගේ තරුණියක් ගැනයි.
ඇය තමයි දුලාංජලී අලහප්පෙරුම…
ඇය මනාලියන්ව ලස්සනට සරසන makeup artist කෙනෙක්..
විශේෂත්වය තමයි අපේ රටේ ඉපදිලා දැන් ඇය ලෝකය වටේම මනාලියන්ව හැඩ ගැන්වීම..
ඉතිං අපි හිතුවා ඇයත් සමග මෙහොතක් කතා කරලා බලන්න…

ඔබ ගැන පුංචි පැහැදිලි කිරීමක් කළොත්…?
මම දුලාංලී අලහප්පෙරුම.. මේ වෙද්දි මම ඉන්නේ ලන්ඩන්වල.

එතොට දුලාංජලී මොනවද මේ වෙද්දි කරන්නේ…?
මම bridal makeup artist කරන්නේ .අපේ රටේ අයට වගේම ලන්ඩන්වල අයටත් මම dressing කරනවා.
ඒ වගේම වෙඩින් එකකට ඕන හැමදේම මගේ කම්පැනි එකෙන් සප්ලයි කරනවා..

මොකක්ද ඔබේ ආයතනය…?
DtrenD Bridal Ltd කියන්නේ මගේ කම්පැනි එක..
Makeups ජුවලරි, කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක් වෙන්න අපි ගාව හැමදේම තියෙනවා..
ඉස්සරනම් හුගක් අය ලංකාවට එනවා.. දැන් එහෙම ඕනේ නෑ.. ලන්ඩන්වල ඒ හැමදේම අපි සපයනවා..
බ්‍රයිඩ් කෙනෙක් මගේ ළගට ආවම මනාලියකට ඕනා කරන හැම දෙයක්ම DtrenD uk අපිට දෙන්න පුළුවන්.. ඒ වගේම මගේ ළඟ ඩිසයිනර්ස්ලා ඉන්නවා..
මනාලියන්ගේ හිසකෙස් සහ වේශ නිරූපණය
උඩරට, හින්දු, ඉන්දියානු සහ යුරෝපීය ඇඳුම් නිර්මාණකරුවන්
ස්වර්ණාභරණ නිර්මාණකරුවන්, මල් කළඹ, මංගල උත්සව සහ උත්සව සැලසුම් කිරීම ඇතුළු හැමදේම මගේ ආයතනයෙන් සිදුකරනවා.

දුලාංලී මේ දක්වා ආපු ගමන් මග ගැන පුංචි මතක් කිරීමක් කරමුද..?
2007 දි තමයි මම මේ ක්ෂේත්‍රයට ආවේ.. ඒ වෙද්දි මට සැලෝන් දෙකක් තිබ්බා.. ඒ අතරතුර 2010 දි මගේ හස්බන් එක්ක ලන්ඩන් ආවා.. ඊට පස්සේ 2014 දි තමයි මම ලන්ඩන්වල මේ ව්‍යාපාරය පටන් ගත්තේ.
පුංචි කාලේනම් මට මේ වගේ අදහසක් තිබුණේ නෑ.. මම හිතාගෙන හිටියේ තාත්තගේ ව්‍යාපාර පැත්තෙන් ඉදිරියට යන්න..
ඊට පස්සේ මම ඉගෙන ගෙන මේ ක්ෂේත්‍රයට පිවිසුණා..

ඔබේ අධ්‍යාපන සුදුසුකම් කොහොමද..?
International Academy of Beauticians – Sri Lankan
Nvq 3 to 4 hair and beauty (Sri Lanka)
Nvq 2,3,4 and 5 beauty (uk)

මේ දේවල්වලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද..?
මට අම්මයි අක්කයි තමයි කිව්වේ තමන්ගේ දෙයක් කරන්න කියලා.. ඉතිං ඒ හැමෝම මේ වැඩේට කැමති වුණා.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොකක්ද …?
මගේ ලොකුම හීනය තමයි ඉදිරියට යුරෝපීය රටවල්වලට ගිහින් මේ සර්විස් එක දෙන්න…
සම්පූර්ණම වෙඩින් එකක් ගන්න ඕන කරන දේවල් අපිට සපයන්න දැන් පුළුවන්…

මේ ක්ෂේත්‍රයට ඒ තරම්ම සමාජයේ පිළිගැනීමක් නෑ.. ඔබ කොහොමද මේ ක්ෂේත්‍රය ගැන දකින්නේ..
ඇත්තටම ගැහැණු කෙනෙක්ට ගැලපෙන බිස්නස් එකක්.
ඒ වගේම මම හැම මොහොතකම සතුටු වෙනවා මම තෝරාගත්ත ක්ෂේත්‍රය ගැන.
බ්‍රයිඩ් කෙනෙකුට අන්දවනකොට ඒ දෙයින් හරිම තෘප්තිමත් වෙන්න පුළුවන්.

ඔබට මේ තැනට එන්න ගුරුහරුකම් ලබාදුන්නේ කවුද..?
මට මේ දේ මතක් කරන්නම ඕනේ… දීපිකා ගුණසේකර සහ හසිනි ගුණසේකර ළඟ තමයි මම ඉගෙන ගත්තේ.. ඒ අය නිසයි මම අද මේ තැන ඉන්නේ.
ඒ දෙන්නට මම ස්තූති කරනවා මට හරි දේ හරි විදිහට ඉගැන්නුවට.
ඒ වගේම මම මේ වෙලාවේ විශේෂයෙන්ම කියන්න කැමතියි මගේ සහකරු දමිත් ගජනායක ගැන.
මේ හැමදේකදිම මගේ ළගින් ඉදන් මට ශක්තියක් වුණේ එයා.

https://www.youtube.com/watch?v=BynWUblN1mk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19