භූමිතෙල් මිල සංශෝධනය කිරීම ගැන ඇමති හේතු කියයි – සහනාධාරයක් ඉදිරියේ දී

භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක සිට සිදුවිය යුතුව තිබූ දෙයක් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

සහනදායි මිලට භූමිතෙල් අලෙවි කිරීම ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව සඳහා එක් ප්‍රධාන හේතුවක් වූ බවයි ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මෙම මිල වැඩි කිරීමත් සමඟ භූමිතෙල් මිල මේ වනවිට පිරිවැයට සමපාත වී ඇති බව ද අමාත්‍යවරයා පවසනවා.

භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් මේ වනවිට යෝජනා කර ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ.

භූමිතෙල් ලීටරයක මිල ඊයේ (21) රාත්‍රියේ සිට රුපියල් 253කින් ඉහළ දැමීමට රජය කටයුතු කළා.

ඒ, අනුව මේ වනවිට භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 340ක් ලෙසටයි.

  1. Better to give assistance for the fishermen , poor estate workers in plantation sector and who depend on kerosene should be carried out immediately. They have suffered a lot and were not so much violent. But make sure this benefit goes to only affected people and not for the rogues who are not entitled.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14