භූමිතෙල් ප්‍රවාහනය කළ කොළඹ – මොණරාගල බස් රථයක් අල්ලයි

කොළඹ සිට මොණරාගල දක්වා මඟීන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක තිබී භූමිතෙල් ලීටර් 100ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පෞද්ගලික බස් රථයක භූමිතෙල් ප්‍රවාහනය කරන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීකම දී මෙම භූමිතෙල් තිගය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී බස් රථයේ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානය ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !