භූමිකම්පා හා සුනාමි ආපදා පිළිබඳ ඔබ දැනුවත් ද ?

ලොව ඕනෑම තැනක, ඕනෑම වෙලාවක කිසිදු පූර්ව සංඥාවක් නොමැතිව භූමිකම්පාවක් සිදුවි විය හැකි බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා.

ඒ සදහා පුරෝකථන ඉදිරිපත් කිරීම අසීරු වන අතර එබැවින් ජ්‍යොතිශය වශයෙන් සිදු කරනු ලබන කරුණු දැක්වීම් සදහා කිසිදු විද්‍යාත්මක හෝ තාක්ෂණික පදනමක් නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පසුගිය වකවානුව තුළ තුර්කි සිරියානු දේශ සීමාව තුළ සිදු වු භූමිකම්පාව හා ඒ ආශ්‍රිතව සිදු වූ මිනිස් ජීවිත හා දේපළ විනාශය හේතුවෙන් භූමිකම්පා පිළිබඳව ගෝලීය වශයෙන් වැඩි අවධානයක් යොමු වුණා.

එමෙන්ම පෙබරවාරි මාසය තුළ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව අවස්ථා කීපයක දී ඇති වු සුළු භූ චලන හේතුකොට ගෙන අප රට තුළ ද භූමිකම්පා පිළිබඳව වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

මෙම පසුබිම තුළ ගෝලීය මෙන්ම දේශීය විද්‍යාඥයින්, පර්යේෂකයින් මෙන්ම ජ්‍යෙතීර්වේදීන් ද භූමිකම්පා පිළිබදව විවිධ මත පළ කරන බවටයි නිරීක්ෂණය වී ඇත්තේ.

ඒ අනුව භූවිද්‍යාව පිළිබදව විශේෂඥ දැනුමක් සහිත තාක්ෂණ ආයතනය වන භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් මේ සම්බන්ධයෙන් විමසුමක් සිදු කරනු ලැබ තිබෙනවා.

භූමිකම්පා හේතුවෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සදහා විද්‍යාත්මක ක්‍රමවේද මත පදනම්ව භූමිකම්පා නිරීක්ෂණය කිරීම ගෝලීය වශයෙන් සිදු කරනු ලබන අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් මෙරට අභ්‍යන්තරයේ සහ ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු කලාපය තුළ සිදුවන භූමිකම්පා නිරීක්ෂණය කරනු ලබනවා.

ඒ සඳහා පල්ලෙකැලේ, මහකනදරාව, බුන්දල සහ හක්මන යන ස්ථානවල භූකම්පන සංඥා නිරීක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කර එම දත්ත ගෝලීය නිරීක්ෂණ මධ්‍යස්ථාන හා ඒකාබද්ධව විශ්ලේෂණය කර අවශ්‍ය තොරතරු අදාළ ආයතන සහ මහජනතාව වෙත අවශ්‍ය පරිදි ලබාදීමටයි ක්‍රියා මාර්ග ගෙන ඇත්තේ.

එසේම සාගරය ආශ්‍රිතව සිදුවන භූමිකම්පාවක් හේතුවෙන් සුනාමි ආපදාවක් සිදුවිය හැකි බැවින් ඉන්දියානු සාගරයේ සුනාමි අනතුරු ඇඟවීම් සහ අවම කිරීමේ පද්ධතිය ඇතුලු ගෝලීය සහ කලාපීය සහයෝගිතා සමග සම්බන්ධ වී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහ භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය අප රටට ඇතිවිය හැකි සුනාමි ආපදා අවදාම පිළිබදව නිරීක්ෂණය කරනු ලබනවා.

ආපදාවක දී ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා පුර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ වගකීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙතයි පැවරී ඇත්තේ.

එනිසා ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව වෙත පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන ලබාදීම සදහා විවිධ ආයතන හා සම්බන්ධව ආපදා පුර්ව අනතරු ඇඟවීමේ ක්‍රමවේද රාශියක් ස්ථාපිත කර තිබෙනවා.

මීට සමගාමීව අපාදා තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ආපදා අවදානම් ප්‍රදේශවල මහජනතාව දැනුවත් කිරීම, පුහුණු කිරීම හා පුර්ව සුදානම ඇති කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මඟින් පියවර ගෙන තිබෙනවා.

ආපදාවක දී පුර්ව අනතරු ඇඟවීමේ සිට ජීවිත ආරක්ෂා කරගැනීම සදහා කටයුතු කිරීම දක්වා සීමිත කාල පරාසයක් පවතින බැවින් භූ කම්පනයක් හෝ භූ කම්පනයක් නිසා ඇතිවිය හැකි සුනාම් ආපදා තත්ත්ත්වයක දී ආපදාවකට පෙර, අතරතුර සහ පසුව කළ යුතු හෝ නොකළ යුතු දෑ පිළිබඳ නිසි අවබෝධයක් තිබීමත් ඒ අනුව කටයුතු කිරීමත් වැදගත්.

එබැවින් මේ සම්බන්ධව තොරතුරු www.dmc.gov.lk වෙබ් අඩවිය මගින් ලබාගත හැකි අතර වැඩිදුර තොරතුරු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 මගින් ලබාගත හැකියි.

එසේම යම් ආපදා තත්වයක් පිළිබඳව පැතිර යන තොරතුරක සත්‍යතාව තහවුරු කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 මගින් විමසන ලෙසටයි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46