භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක ඉදිකිරීම් සමාගමේ චීන නිලධාරියෙකු අත්අඩංගුවට

මාර්තු මස 28 වැනි දින මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ ද්විත්ව භූ කම්පනයේ දී බැංකොක් නගරයේ ඉදි කර තිබූ උස ගොඩනැගිල්ලක් කඩා වැටීම සම්බන්ධයෙන් එහි ඉදිකිරීම් සමාගමේ සේවය කළ චීන විධායක නිලධාරියෙකු තායිලන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අදාළ ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරව ගොඩනැගීමේ චෝදනාවට අදාළ විධායක නිලධාරියාව අත් අඩංගුවට ගෙන ඇති බවයි.

තායිලන්තයේ විශේෂ විමර්ශන දෙපාර්තමේන්තුව (DSI) චීන ජාතිකයෙකු වන ෂැං චුවාන්ලිං අත්අඩංගුවට ගත් බව නිවේදනය කළා.

චීන ඉදිකිරීම් සමාගමක තායි සතු අනුබද්ධිත ආයතනයක නාමයෝජනා ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් මත අවශ්‍යව සිටි පුද්ගලයින් සිව්දෙනාගෙන් එක් අයෙකු ලෙසයි මෙම සැකකරුව සැලකෙන්නේ.

මාර්තු 28 වන දින මධ්‍යම මියන්මාරයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් පසු කඩා වැටුණු බැංකොක්හි චතුචක් දිස්ත්‍රික්කයේ මහල් 30කින් යුත් රාජ්‍ය විගණන කාර්යාල මූලස්ථානය මෙකී චීන විධායක නිලධාරියා සේවය කළ සමාගම විසින් ඉදිකරමින් සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17