spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

භූතයාගෙන් වී අස්වැන්නට බලපෑමක් ඇත්දැයි සොයා බැලීමක්

ගොයම් කැපීම සඳහා බහුලව යොදා ගන්නා භූතයා සහ සුනාමි නැමැති සංයුක්ත කොළ මඬින යන්ත්‍රවලින් වී අස්වනුවල නාස්තියක් සිදු වන බැවින් එම නාස්තිය අවම කර ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකසන ලෙස ගොවි සංවිධාන විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

මේ හේතුවෙන් භූතයා සහ සුනාමි යන නම්වලින් හඳුන්වන සංයුක්ත කොළ මඬින යන්ත්‍ර උපයෝගී කර ගනිමින් ගොයම් කැපීමේ දී අස්වනු හානියක් සිදු වන්නේ ද යන්න සම්බන්ධව වහාම අධ්‍යයනයක් සිදු කරන ලෙසටයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත්තේ.

ඊයේ (27) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

විශේෂයෙන් පැසුණු ගොයම් කපන විට වී අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් අපතේ යන බවටයි වාර්තා වී ඇත්තේ.

එම නිසා භූතයා හා සුනාමි යන්ත්‍ර උපයෝගී කර ගනිමින් අස්වනු නෙළන විට අස්වනු හානියක් සිදු නොවී ගොයම් කැපිය යුත්තේ කුමන අවස්ථාවේ ද යන්න සම්බන්ධව ගොවි ජනතාවට දැනුමක් ලබා දීමටත් පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ වනතෙක් භූතයා හා සුනාමි වැනි සංයුක්ත කොළ මඬින යන්ත්‍ර උපයෝගී කර ගනිමින් අස්වනු නෙළීමේ දී සිදු විය හැකි අස්වනු නාස්තිය හා හානිය සම්බන්ධව කිසිදු අධ්‍යයනයක් සිදු කර නැහැ.

නමුත් දැනට වාර්තා වී ඇති පරිදි ගොයම් කැපීම සඳහා උචිතම අවස්ථාව පසුවීම හේතුවෙන් විශාල අස්වනු හානියක් සිදු වන අතර එය බොහෝ විට සියයට 2-3ත් අතර ප්‍රමාණයක් විය හැකි බවද සඳහන්.

එහෙත් මෙම කරුණුවල ඇති නිරවද්‍යතාවය සම්බන්ධව නිසි අධ්‍යයනයක් සිදු කරන ලෙසත්, එම අස්වනු නාස්තිය වළක්වා ගැනීමට ගත යුතු පියවර සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ ගොවි ජනතාව දැනුම්වත් කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?