භූකම්පනයෙන් මියගිය ගණන 900 පනී (වීඩියෝ)

ඇෆ්ගනිස්තානයේ පක්ටීකා ප්‍රාන්තයේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 950ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වනවා.පුද්ගලයින් 600ක් පමණ තුවාල ලබා ඇති අතර භූ කම්පනයෙන් සිදුවූ මරණ සහ තුවාල සිදුවූ පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බව ඇෆ්ගනිස්තානය පවසන්නේ.