භූකම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට – දසදහස ඉක්මවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් 150 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව මියන්මාර හමුදා රජය පවසනවා.

කෙසේ වෙතත් රිච්ට මාපාංක 7.7ක ප්‍රබලත්වයක් සටහන් වූ මෙම භූමිකම්පවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවිය හැකි බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ඇස්තමේන්තු කර ඇත්තේ.

මේ අතර මියන්මාරයේ මැන්ඩලේ නගර වැසියන් යළිත් භූමිකම්පාවක් සිදුවනු ඇතැයි බියෙන් එළිමහනේ රාත්‍රිය ගත කළ බවයි විදෙස් වාර්තා පැසුවේ.

එමෙන්ම මියන්මාර හමුදා ජුන්ටාවේ ප්‍රධානී මින් අවුන් ලයින් සිය රටට මේ මොහොතේ ගෝලීය ආධාර අවශ්‍ය බව පවසා ආයාචනයක් කර තිබෙනවා.

මේ අතර භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැඟිලි තුළ සිරවී සිටින පුද්ගලයින් බේරාගැනීම සඳහා චීනය විසින් පුද්ගලයින් 37 දෙනෙකුගෙන් යුත් මුදාගැනීමේ කණ්ඩායමක් මියන්මාරයට පිටත්කර යවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ඉන්දියාව විසින් මියන්මාරයට ආධාර තොගයක් පිටත්කර යැවීමට කටයුතු කර ඇති අතර, එම සහන ද්‍රව්‍ය අතර කූඩාරම්, නිදන බෑග්, බ්ලැන්කට්, පිසූ ආහාර, ජල පිරිපහදු යන්ත්‍ර, සනීපාරක්ෂක කට්ටල, සූර්ය ලාම්පු, පැරසිටමෝල්, ප්‍රතිජීවක, කැනියුලා, සිරින්ජ, අත්වැසුම්, කපු වෙළුම් පටි සහ මුත්‍රා බෑග් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළත්.

භූමිකම්පාවෙන් වැඩි බලපෑමක් සිදු වූ මියන්මාරයේ විශාලතම නගර දෙක වන මැන්ඩලේ සහ යැන්ගොන්හි විදුලිබල හා සන්නිවේදන මාර්ග තවමත් අක්‍රියව පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම භූමිකපාවේ බලපෑම අසල්වැසි තායිලන්තයට ද එල්ල වූ අතර, එරට බැංකොක් නුවට ගොඩනැගිලි කඩාවැටීමෙන් ජීවිත කිහිපයක්ම අහිමි වුණා.

එමෙන්ම කඩා වැටුණු ගොඩනැගි තුල සිරවී සිටින පුද්ගලයින් බේරාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි තායි බලධාරීන් සඳහන් කළේ.

බැංකොක්හි හදිසි කලාපයක් ප්‍රකාශයට පත් කරන ලද අතර, එහිදී මෙට්‍රෝ සහ සැහැල්ලු දුම්රිය සේවා කිහිපයක් අත්හිටුවා පසලසා වසා දැමීමට බලධාරීන් කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51