භාෂාව යනු රාජ්‍යයේ සුජාතභාවයේ ලිට්මස් පරීක්ෂාවයි – අධිකරණ ඇමති

කෙනෙකුට තමන්ට සමීපතම භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමට හෝ ඇසීමට ඇති අවස්ථා නැති නම් එයින් හැඟවෙන්නේ එම සමාජයේ මනුෂ්‍යත්වය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

ඊයේ (07) දින පැවති රාජ්‍ය භාෂා සතිය අවසානයේ පැවති සමාප්ති උලෙළට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය භාෂා සතිය ජුනි මස 01 වැනි දිනෙන් ආරම්භ වූ අතර ඒ යටතේ සංවිධානය කර තිබූ වැඩසටහන් රැසක් අවසන් කරමින් එහි සමාප්ති උත්සවය පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණු මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ මෙවැන්නක්;

”රාජ්‍ය භාෂා සතියේ සමාප්තිය සමරන දිනයේදී, අපි රැස්වන්නේ දින දර්ශනයේ දිනයක් සලකුණු කිරීමට පමණක් නොවේ. ජාතියේ සියලුම ජන කොටස් සඳහා සමානාත්මතාවය, ගෞරවය සහ යුක්තිය සඳහා අපගේ නොසැලෙන කැපවීම තහවුරු කිරීමටයි. භාෂාව තාක්ෂණික කාරණයක් නොවන බව මම අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම සන්නිවේදන මාධ්‍යයකට වඩා වැඩි තේරුමක් භාෂාව මගින් නිරූපණය වෙනවා. භාෂාව කියන්නේ පුද්ගලයෙකුගේ අනන්‍යතාවයේ හදවතයි. ඒ වගේම මතකයේ හඬයි. ගෞරවයේ රිද්මයයි. චින්තනයේ ගෘහ නිර්මාණ ශිල්පයයි. අපගේ රට දිහා බැලුවම යුක්තිය, සංහිඳියාව සහ රාජ්‍යයේ සුජාතභාවයේ ලිට්මස් පරීක්ෂාව විදිහටත් භාෂාව හඳුන්වන්න පුළුවන්..’‘ යනුවෙන්.

කැනේඩියානු මහකොමසාරිස් එරික් වෝල්ෂ්, බංග්‍ලාදේශ මහකොමසාරිස් අන්ඩලිබ් එලියස්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මකීර්ති, මහාචාර්ය S.J. යෝගරාජා යන මහත්ම මහත්මීන් විශ්වවිද්‍යාල සිසුන්, පාසැල් සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30