භාරතයෙන් පෙරදිග ධාන්‍යාගාරයට පොහොර නැවක්…

ඉන්දීය රජ‍ය විසින් මෙරටට ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 එලබෙන මස පළමු සති දෙක තුළ ශ්‍රී ලංකාවට ලගා වීමට නියමිත බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍යයට පවසා සිටිනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති විදේශ ආධාර මත ක්‍රියාත්මක වන කෘෂිකර්ම ව්‍යාපෘති මේ වනවිට ලබා ඇති ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවට සහභාගි වීම අතර තුරදී අමාත්‍යවරයා ඊයේ සවස් කාලයේ දී මේ බව එම නිලධාරින්ට පවසා තිබිනි.

අදාල පොහොර තොගය ඉන්දීය රජය විසින් ඉන්දීය ගොවීන්ගේ අවශ්‍යතා සඳහා ඕමානයෙන් ආනයනය කරන ලද තොගයක් වන අතර දැනට අපේ රටේ ගොවීන් මුහුණ දෙන පොහොර හිඟය සළකා බලා මෙම යුරියා පොහොර තොගය අපට ලබා දීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

මෙම පොහොර තොගය දිවයිනට ලගා වූ වහාම ඒවා ගොවි ජනතාවට බෙදා හැරීමේ කටයුතු දින දෙක තුනක් තුළ කෘෂිකර්ම අමා‍ත්‍යාංශයට අයත් ජාතික පොහොර ලේකම් ‍කාර්යාලය, කොමර්ෂල් පොහොර සමාගම, ලංකා පොහොර සමාගම ඇතුළු ජාලය මගින් ‍ ගොවි ජන මධ්‍යස්ථාන හරහා සිදු කිරීමට නියමිතය.

මෙම යුරියා පොහොර තොගය මිටියක් රුපියල් 10,000ක වැනි මුදලකට ගොවීන් අතට පත් කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ සම්බන්ධව ගොවි ජන නියෝජිතයින් හා නිලධාරින් සමග සිදු කළ සාකච්ඡාවල දී එකඟත්වය පළ කළ බවත් හා අමාත්‍ය මණ්ඩලය වෙත එම මිල ගණන් ඉදිරිපත් කළ විට ඊට කිසිවෙක් විරුද්ධත්වය පළ නොකළ බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15