භාරතයෙන් ණයට දුන් පලමු ඩීසල් නැව අද හෙළ දෙරණට සපැමිනෙයි

ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට හිමිවන පළමු ඩීසල් රැගත් නෞකාව අද (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඩීසල් මෙට්‍රික් ටොන් 35,000ක් එම නෞකාවේ අන්තර්ගත බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දැමීමට සිදුව ඇත.

පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් ඉන්ධන සැපයීම සිදුනොවීම නිසා ඇතැම් පිරවුම්හල් අසල පැය ගණනක් ගෙවමින් ඉන්ධන ලබාගැනීමට ජනතාවට සිදුව තිබේ.