ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියෙන් ඉවත්වීමට භානුක රාජපක්ෂ තීරණය කරයි

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම්කළ ශ්‍රී ලංකා සංචිතයෙන් තමාව නිදහස් කරන ලෙස භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිචාරය තවමත් නිල වශයෙන් නිවේදනයක් සිදු කර නැහැ.

එමෙන්ම මේ වනවිට පැවැත්වෙන අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා භානුක රාජපක්ෂට අවසර ලබා නොදීමට ද ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්