භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලිපනී

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වටවල දුම්රිය ස්ථානයේදි (11) දින පිලිපැනීමකට ලක්ව ඇත.

නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසුවේ පීලිපැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බවයි.

එම දුම්රියේ ඉන්ධන ගැලූම් 5800 ක් ප්‍රවාහනය කල ටැංකි සහිත මැදිරි දෙකක් සහ භාණ්ඩ ප්‍රවාහන පෙට්ටියක් මෙසේ පිලි පැන ඇත.

අද (11) දින උදැසන 7 පමණ මෙම පිලි පැනිම සිදු වි ඇති බවත්, පිලි පැනිමෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව වටවල දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසීය.
පිලි පැනිමට ලක් වු 1126 භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ තෙල් ටැංකි සහ දුම්රිය පෙට්ටි පිලිගත කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත් , කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් වටවල දුම්රිය ස්ථානය ආසන්නයට ධාවනය කරවන බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06