“බෞද්ධාලෝක සාදු නාද සීල සමාධි වැඩසටහන” ෂැංග්‍රිලා හරිත භූමියේ දී

පාසල් දරුවන් තුන්දහසකට ආසන්න පිරිසක් සිල් සමාදන් කරවීමේ “බෞද්ධාලෝක සාදු නාද සීල සමාධි වැඩසටහන” අද (05) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ෂැංග්‍රිලා හරිත භූමියේ දී පැවැත් වුණා.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනට කොළඹ කලාපයේ පාසල් රැසක් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පිරිස අෂ්ඨාංග ශීලයෙහි සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින්ද්‍රයන්වහන්සේ විසින් සිදු කරනු ලැබුවා.

ඔලබොඩුව රාජමහා විහාර භාරකාර, ඉතාලි මිලානෝ ලංකාරාමාධිපති, බස්නාහිර පළාතේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, ශාස්ත්‍රපති පූජ්‍ය ඔලබොඩුවේ ධම්මික නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ධර්ම දේශනාව පැවැත්වූවා.

අනතුරුව පැවති ධර්ම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක, කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්දසාර නායක ස්වාමින්වහන්සේ සහ විද්‍යාජෝති සම්මානිත මහාචාර්ය නිමල් ද සිල්වා, මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂා ගෝකුල යන මහත්ම මහත්මීන් එක්ව සිටියා.

දහවල් බුද්ධ පූජාව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්දසාර නායක ස්වාමින්ද්‍රයන්වහන්සේ සිදු කළ අතර කොල්ලුපිටිය වාලුකාරාමය ඇතුළු පංචමහා විහාරාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පිරිත් සජ්ජායනය පවත්වනු ලැබුවා.

මේ අතර “බුද්ධ රශ්මි” ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය සහ සිංගප්පූරුවේ විලින් හාර්ට්ස් (Wiling Hearts) පදනමේ දායකත්වයෙන් සාමණේර ස්වාමින් වහන්සේ හතළිස් නමක් සහ පාසල් ශිෂ්‍ය, ශිෂ්‍යාවන් 1200ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීම ෂැංග්‍රිලා හරිත භූමියේ ඉදිකර ඇති වේදිකාවේ දී අද (05) පෙරවරුවේ සිදු කෙරුණා.

සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය පූජ්‍ය කරදෙටියන ගුණරතන ස්වාමින් වහන්සේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සිසු දරුවන් වෙත පාසල් උපකරණ බෙදාදීමට එක්ව සිටියා.

කුරුණෑගල, කෑගල්ල, ගම්පහ, කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්ක නියෝජනය කරන පාසල් දරුවන් වෙනුවෙන් මෙම පාසල් උපකරණ බෙදාදීම සිදු කළ අතර ඉන් අනතුරුව ඔවුන්ට කොටුව ජනාධිපති මන්දිරය නැරඹීමට ද අවස්ථාව සලසා දී තිබුණා.

මේ අතර සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය සහ සිංගප්පූරුවේ විලින් හාර්ට්ස් (Wiling Hearts) පදනමේ දායකත්වයෙන් පැවැත්වෙන මහා බත් දන්සැල අද (05) ප.ව 6.30ට ෂැංග්‍රිලා හරිත භූමියේ දී විවෘත කෙරෙන අතර එය හෙට (06) දිනයේ ද පැවැත් වෙනවා.

ඊට සමගාමීව තොරණ විදුලි ආලෝකය දැල්වීම සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යුද හමුදා භක්ති ගීත කණ්ඩායම් ඉදිරිපත් කරනු ලබන භක්ති ගීත ප්‍රසංගය ෂැංග්‍රිලා හරිත භූමියේ ඉදිකර ඇති වේදිකාවේ දී අද සහ හෙට පැවැත් වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06