බෞද්ධාගමික වතාවත්වලට මුල්තැන දෙමින් නැගෙනහිර සරසවියේ කටයුතු ඇරඹෙයි (ඡායාරූප)

කලක් සමාජයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් මඩකලපුව පූනානි පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාලය බෞද්ධ ආගමික කටයුතුවලට පමණක් මුල් තැන දෙමින් එම විශ්ව විද්‍යාලයේ සභාපති එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ඇතුළු උපකුලපතිවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි 18 වෙනිදා සිංහල, දමිළ, මුස්ලිම්, ඇතුළු සියලු ජාතීන් හා ආගම් නියෝජනය කරමින් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන බවයි විශ්ව විද්‍යාල නිර්මාතෘ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්. එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සඳහන් කළේ.

මෙම විශ්වවිද්‍යාලය සඳහා දැනටමත් අයදුම්පත් 3000ක් පමණ ලැබී ඇති අතර මෙහි සිසුන් 10000කට ආසන්න සංඛ්‍යාවකට, අධ්‍යාපනය ලබා දීමට සියලු පහසුකම් පවතින බව ද ඔහු කියාසිටියා. එමෙන්ම නැගෙනහිර විශ්වවිද්‍යාලය ලෝකයේ ජාත්‍යන්තර තලයේ පහසුකම් පවතින විශ්ව විද්‍යාලයක් බවට පත්කර ඇති බව ද හිස්බුල්ලා මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මෙහි අධ්‍යාපනය ලබන සිසුන්ට ණය පහසුකම් ලබාදීමට එම ස්ථානයේ බැංකු කිහිපයක් ආරම්භ කරන අතර එම සිසුන් ලබාගත් ණය රැකියා සිදුකරන අවස්ථාවලදී ගෙවීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි ඔහු කියාසිටියේ.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වත්මත් උපකුලපතිවරයා ලෙස මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා මෙහිදී වැඩ භාර ගනු ලැබුවා.

උතුරු මැද, නැගෙනහිර, ඌව යන පළාත්වල සිසුන්ට මෙන්ම සෙසු පළාත්වල විශ්ව විද්‍යාල වරම් තිබෙන දරුවන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර ජනවාරි මාසයේ සිට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදී අධ්‍යාපන ලබාදීමට කටයුතු ආරම්භ කරන බවයි උප කුලපතිවරයා සඳහන් කළේ.

වැලිකන්ද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කඩවතමඩුව ශ්‍රී බෝධිරාජාරාමාධිපති ඉඩම්පිටියේ වජිරාලංකාර නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය මෙහිදී ආගමික වතාවත් සිදු කරනු ලැබුවා.

මෙහිදී අනුශාසනාව සිදු කරමින් ඉඩම්පිටියේ වජිරාලංකාර නාහිමියන් සඳහන් කළේ විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතුවලට ආශීර්වාද සිදුකිරීමට බෞද්ධ ආගමට මුල්තැන ලබාදීම පිළිබඳ තමාගේ ස්තුතිය පිරිනමන අතර නැගෙනහිර විශ්ව විද්‍යාලයට සිංහල, දමිළ, මුස්ලිම්, දරුවන් ඇතුළත් කරගනිමින් රටට යහපත් පුරවැසියන් පිරිසක් බිහි කිරීමට හිස්බුල්ලා මහතා ඉදිරිපත්වීම පිළිබඳ තමන් වහන්සේ ප්‍රශංසා කරන බවයි.

ආගමික වතාවත් සහ ආශිර්වාද කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නයට නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාගේ සුරතින් අටපිරිකර පූජා කිරීමද විශේෂත්වයක් වූ අතර, ඉස්ලාම් ආගමිකයකු වන
හිස්බුල්ලා මහතා පළමුවරට ගරුතර මහා සංඝරත්නයට අටපිරිකර පූජා කිරීම ද විශේෂ කටයුත්තක් බවයි ඉඩම්පිටියේ වජිරාලංකාර නාහිමියන් මෙහිදී කියාසිටියේ.

2018 වර්ෂයේ දී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු අවසන් කෙරුව ද පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ එම විශ්ව විද්‍යාලයේ කටයුතු ආරම්භ කිරීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ.

අනතුරුව වසර දෙකකට ආසන්න කාලයක් එම විශ්වවිද්‍යාලය යුද හමුදාව යටතේ පැවතුණා.

එම කාලය තුළන් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ද පැවැති නැගෙනහිර විශ්ව විද්‍යාලය පසුගිය ඔක්තෝබර් 20 වනදා යුද හමුදා විසින් එම විශ්ව විද්‍යාලයේ සභාපති හිස්බුල්ලා මහතාට භාර දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56