බෞද්ධයින්ට එරෙහි කුමන්ත්‍රණයක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්

හෘද සාක්ෂියට එකඟව, ප්‍රායෝගිකවම ශ්‍රී සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවන බෞද්ධයින් ඉලක්ක කර ඔවුන්ට එරෙහිව අභූත චෝදනා එල්ල කරමින්, ඔවුන්ගේ ශාසනික මෙහෙවර අඩපණ කිරීමට කිසියම් කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

බෞද්ධ විරෝධී බලවේග හිස ඔසවන විට ඒවා සමනය කිරීමට නොහැකිනම්, එය බරපතළ ඛේදවාචකයක් බවත්, බුදුදහම සුරක්ෂිත කිරීමට කැපවීම කාගේත් වගකීමක් බවයි ඔහු අවධාරණය කළේ.

පවුල් දේශපාලනයට තමන් විරුද්ධ බවත්, ⁣එහෙත් ඔවුන්ට සමාජ සේවය කිරීමේ අයිතියට බාධා කිරීමට තමන් කිසිවිටකත් සූදානම් නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සමයේ ක්‍රියාත්මක වූ සේවා වනිතා ඒකකයෙන් සිදුකළ සාමාජීය මෙහෙවර පිළිබඳව ද සිහිපත් කළා.

දේශපාලනඥයන්ගේ බිරින්දෑවරු එම වැඩසටහන හරහා සමාජ සේවාවන් රැසක් ඉටු කළ බවත්, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ බිරිඳ පවා එම වැඩසටහනේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බවත් ඔහු පෙන්වා දුන්නා.

සාමාජීය සහ ශාසනික සේවාවන් සිදු කිරීම යනු මැතිවරණයට ඉදිරිපත් වීම හෝ මන්ත්‍රී ධුර ලබාගැනීම හෝ නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා කියාසිටියේ ඔවුන්ට එවන් සේවාවන් කිරීමට ඇති අයිතියට බාධා කළ නොහැකි බවයි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජලනි ප්‍රේමදාස මහත්මිය වෙත “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී” ගෞරව නාමය පිරිනැමීම සහ නයන වාසල තිලක මහතාට දියතලාව කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ බස්නායක නිලමේ තනතුර පිරිනැමීම වෙනුවෙන් ඊයේ (17) පැවති උත්සවය අමතමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48