බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් කොටදෙණියාව පොලිස් වසමේ කළුඅග්ගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නීතිවිරෝධීව විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ පතරොම් 04 ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු සහ ගිනි අවිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කොටදෙනියාව පොලිසිය සිදු කරනවා.













