බෝතලේ හොර ස්ටිකර් අලවන මත්පැන් නිෂ්පාදන සමාගම්වල ලයිසන් කැන්සල්

මත්පැන් බෝතල් සඳහා යොදන ස්ටිකරය මුද්‍රණය කරන සමාගමට විරුද්ධව වහාම කටයුතු කරන ලෙස කෝපා කමිටුව සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ 2021 වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාරයසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙලෙස උපදෙස් ලබාදෙනු ලැබුවා.

මෙහිදී අනාවරණය වූයේ ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වෙළඳපොළට නිකුත් වී ඇති බවයි.

මත්පැන් නිෂ්පාදන සමාගම් තුනකින් නිකුත් කළ මත් පැන් බෝතල්වල මෙසේ ව්‍යාජ ස්ටිකර තිබූ බව හඳුනාගත් බව ද මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළා.

ඒ අනුව මෙම ආයතන තුන සම්බන්ධයෙන් කෝපා කමිටුව විමසා සිටි අතර, ඉදිරියේ දී මෙලෙස ව්‍යාජ ස්ටිකර ඇලවූ මත්පැන් සමාගම් හසු වුවහොත් ඒවායේ බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන ලෙස ‌කෝපා කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

එමෙන්ම මෙම නිෂපාදනාගාර තුන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට යොදවා ඇති සුරාබදු දෙපාර්තම්න්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් ද ඔවුන් සම්බන්ධයෙන් ගත් විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද කමිටුව කරුණු විමසා සිටියා.

මෙහිදී නිලධාරීන් සඳහන් කළේ අදාළ නිලධාරීන් සිථාන මාරුවකට ලක් කොට ඇති බවයි.

නමුත් පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ එම ස්ථාන මරුකිරීම් නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවයි.

මේ අනුව මෙම නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ මාරු කිරීම් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් කෝපා කමිටුවට ලබාදීමට නිර්දේශ කළා.

එමෙන්ම මෙහිදී පැමිණ සිටි සාමාජික මනිත්‍රීවරුන් සඳහන් කළේ මෙම ආරක්ෂිත සිටිකර මුද්‍රණය කරන සමාගම ද අසාදු ලේඛන ගත කොට ඇති සමාගමක් බවයි.

මේ අනුව කෝපා කමිටුව පෙන්වා දුන්නේ මෙම සමාගම ගිවිසුමේ කොන්දේසි විශාල ප්‍රමාණයක් කඩ කර ඇති බව නිරීක්ෂණය වන බවයි.

මේ නිසා මේ සමාගම සම්බන්ධයෙන් වාරතාවක් ලබාදෙන ලෙස කෝපා කමිටුව නිර්දේශ කළ අතර, මෙම සමාගම සමග පවතින ගිවිසුම අහෝසි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බලන ලෙස ද නිර්දේශ කළා.

තවද ව්‍යාජ සිටිකර සහිත මත්පැන් අලෙවි කරන අලෙවිසැල්වල බලපත්‍ර අහෝසි කිරීම පිළිබඳව ද ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය පියවර පිළිබඳවද කෝපා කමිටුව මෙහිදී විමසා බැලීම සිදුවුණා.

එමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථාපිත කරන RASED පරිගණක තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද මෙහිදී කෝපා කමිටුව විමසා සිටියා.

මෙහිදී නිලධාරීන් සඳහන් කළේ මෙම වර්ෂයේ අයවැයෙන් මෙම පද්ධතිය අවසන් කිරීමට රුපියල් මිලියන 100ක් ලැබී ඇති බවයි.

මේ හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය සම්බන්ධකරගනිමින් මෙම තොරතුරු පදිධතිය සකස් කිරීමට කටයතු කරන බව නිලධාරීන් සඳහන් කළා.

මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ මාස 09ක් ගතවනතෙක්ම මෙම කටයුතු සිදුකර නැති බැවින් ඉදිරි මාස 03 ඇතුළත මෙම කටයුතු අවසන් කළ හැකිද යන්නයි.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් දින වකවානු සහිතව වාර්තාවක් ලබාදීමට කෝපා කමිටුව නිර්දේශ කළා.

2022 දෙසැම්බර් 31 වන විට පවතින හිඟ සුරාබදු ආදායම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, නිලධාරීන් සඳහන් කළේ මෙම මස 30 වන විට හිඟ බදු නොගෙවන මත්පැන් අලෙවිසැල්වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බවයි.

මේ සමිබන්ධයෙන්ද කෝපා කමිටුව වාරතාවක් ලබාදෙන ලෙස නිර්දේශ කළ අතර, මේ වන විට මෙරට මත්පැන් අලෙවිය අඩුවීම නිසා සුරාබදු ආදායම අඩුවී ඇති බවත් මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09