බෝඩර් ගවස්කාර් ටෙස්ට් ශූරයින් වීමට කැන්ගරුවන්ට පහසු ඉලක්කයක්

සංචාරක ඉන්දියාව සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන බෝඩර් ගවස්කාර් කුසලාන අවසන් ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා සත්කාරකයින්ට ලකුණු 162ක ඉලක්කයක් හිමි ව තිබෙනවා.

ඒ ඉන්දීය කණ්ඩායම තරගයේ තෙවැනි දිනය වන අද (05) දිනයේ දී සියල්ලන් ම ලකුණු 181කට දැවී යාමත් සමගයි.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක බුම්‍රා පළමු ව පිතිකරණය තෝරාගත් අතර ඔවුන් පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 185ක් ලබා ගත්තා.

ඉන්දියාව වෙනුවෙන් පළමු ඉනිමේ දී සාර්ථක වූ එක ම ක්‍රීඩකයා වූයේ ද කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් පමණයි.

ඔහු ලකුණු 40ක් ලබා ගත්තා.

සෙසු ක්‍රීඩකයින්ට සැලකිය යුතු ටෙස්ට් ලකුණකට යාමට ඔස්ට්‍රෙලියා පන්දු යවන්නන් ඉඩ නොදුන් අතර කඩුලු බිඳ දැමීමේ දී ස්කොට් බෝලන්ඩ් කඩුලු 04ක් බිඳ දැමුවා.

මිචෙල් ස්ටාක් කඩුලු 03ක්, පැට් කමින්ස් කඩුලු 02ක් සහ නෙතන් ලියෝන් එක් කඩුල්ලකට වගකීමට සමත් වුණා.

ඉන් අනතුරුව පිළිතුරු ඉනිම සිය පළමු ඉනිම ඇරඹි කැන්ගරු පිතිකරුවන්ට පිතිකරණය සිතූ තරම් පහසු වූයේ නැහැ.

ඒ ඉන්දීය වේග පන්දු බලඇණිය හමුවේ ඔස්ට්‍රෙලියාව ද ලකුණු 181කට පළමු ඉනිමේ දී සීමා වීම හේතුවෙන්.

සිය මංගල ටෙස්ට් තරගයට එක් වූ බියූ වෙබ්ස්ටර් ලකුණු 57ක් රැස් කළා.

පළමු ඉනිමේ දී ඉන්දියාව වෙනුවෙන් මොහොමඩ් සිරාජ් සහ ප්‍රසිද්ධ් ක්‍රිෂ්ණා කඩුලු 03 බැගින් බිඳ දැමූ අතර කඩුලු 02ක බැගින් බුම්‍රා සහ නිටිෂ් කුමාර් බිඳ දැමුවා.

කෙසේවෙතත් ඔස්ට්‍රෙලියාවට වඩා පළමු ඉනිමෙන් ලකුණු 04ක් පමණක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිමට පිතිකරණය ඇරඹි ඉන්දීය කණ්ඩායමට යළිත් සුපුරුදු රිද්මයට ම කැන්ගරුවන් හමුවෙ මුහුණදෙන්නට සිදු වුණා.

ඒ ඉන්දීය පිතිකරණය හෝරා කිහිපයක් තුළ ක්‍රීඩාගාරයේ අසුන් මතට ඇදදැමීමට ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන් සමත් වීමත් සමගින්.

දෙවැනි ඉනිමේ දී වැඩිම ඉන්දීය ලකුණුලාභියා වූයේ රිෂාබ් පාන්ට්.

ඔහු වේගවත් ලකුණු 61ක් ලබාගත්තා.

තරගාවලියේ එක් ඉනිමක දී පමණක් ශතකයකින් සාර්ථක වූ කෝලි මෙම තරගයේ දී ද අසාර්ථක වුණා.

දෙවැනි ඉනිමේ දී ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ස්කොට් බෝලන්ඩ් පීඩනකාරී පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 06ක් බිඳ දැමුවේ ලකුණු 45කටයි.

පැට් කමින්ස් කඩුලු 03ක් සහ බියු වෙබ්ස්ටර් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ඒ අනුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 162ක ඉලක්කයක් හිමි වූ අතර දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඔස්ට්‍රෙලියාව කඩුලු 03ක් දැවී ලකුණු 71ක් ලබා සිටිනවා.

ඔවුන්ට තවත් කඩුලු 07ක් තුළ ජයග්‍රහණයට ලකුණු 91ක් අවශ්‍ය වනු ඇති.

මෙම තරගය ද ඔස්ට්‍රෙලියාව ජය ගතහොත් ඔවුන් 2025 ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තුව තවදුරටත් සඵල කරගනු ඇති.

මේ වනවිට ඔස්ට්‍රෙලියාව පැවති ටෙස්ට් තරග 04න් 02ක ජය හිමිකරගෙන සිටිනවා.

එක් තරගයක් ජය පරාජයෙන් තොර වූ අතර අනිත් තරගය ජයගත්තේ ඉන්දීය කණ්ඩායමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50