බෝට්ටු අනතුරකින් මියන්මාර ජාතිකයන් 23ක් ජීවිතක්ෂයට

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයෙන් පලා යමින් සිටි රෝහින්ග්‍යා ජාතිකයින් පිරිසක් ගමන් කළ බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් එහි සිටි පුද්ගලයන් 23 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් 30 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර පුද්ගලයින් අට දෙනෙකු අනතුරින් දිවි ගලවා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය අය අතර කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමින් 10 දෙනෙකු සිටින අතර, ඔවුන් සියලුම දෙනා රොහින්ග්‍යා මුස්ලිම්වරුන් වන බව ගලවා ගැනීමේ කණ්ඩායම් සඳහන් කළා.

50 දෙනෙකුට වැඩි පිරිසක් රැගත් බෝට්ටුව එහි කාර්ය මණ්ඩලය විසින් අතහැර දමා ඇති අතර, එහි සිටි පිරිස මැලේසියාවට ළඟා වීමට උත්සාහ කරමින් සිටි බවට දිවි බේරා ගත් පුද්ගලයන් ප්‍රකාශ කර තිබෙනවා.

මැලේසියාවට යන ගමන සඳහා එක් පුද්ගලයෙකු ජාවාරම්කරුවන්ට ඩොලර් 4,000 (පවුම් 3,153)ක පමණ මුදලක් ගෙවා ඇති අතර පසුව ජාවාරම්කරුවන් බෝට්ටුව අතහැර දැමූ බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

ජනාකීර්ණ ධීවර බෝට්ටුවලින් අන්දමන් මුහුද හරහා යන දීර්ඝ ගමන සෑම විටම භයානක වන අතර විශේෂයෙන් වසරේ මේ කාලයේ, මෝසම් කුණාටු සමයේ උච්චතම අවස්ථාව වීම එම ගමන තවත් දුෂ්කර මෙන්ම භයානක වනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ සෑම වසරකම දහස් ගණන් රෝහින්ග්‍යාවරු මැලේසියාවට හෝ ඉන්දුනීසියාවට අනතුරුදායක ලෙසට මුහුදු මාර්ගයෙන් ගමන් කිරීමට උත්සාහ කරන බවයි.

ඔවුන් වැඩි දෙනෙකු මියන්මාරයේ පවතින පීඩාවලින් සහ බංග්ලාදේශයේ පිරී ඉතිරී යන සරණාගත කඳවුරුවලින් බේරී පළා යන පුද්ගලයන් බව සඳහන්.

මුස්ලිම් රෝහින්ග්‍යාවරු ප්‍රධාන වශයෙන් බෞද්ධ මියන්මාරයේ වාර්ගික සුළුතරයක් ලෙසටයි සැලකෙන්නේ.

මියන්මාර හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයෙන් බේරීමට ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් 2017 වසරේ දී බංග්ලාදේශයට පළා ගියා.

මියන්මාරයේ ඉතිරිව සිටින පිරිස ද 2021වසරේ හමුදා කුමන්ත්‍රණයෙන් පසු රටින් පළා යාමටයි උත්සාහ කරමින් සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38