බෝට්ටුවලට නොමිලේ ඉන්ධන ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර ඇරඹෙයි

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ එක්දින ධීවර යාත්‍රා සඳහා නොමිලේ ඉන්ධන ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර බේරුවල වරාය පරිශ්‍රයේ දී ආරම්භ වී තිබෙනවා.

දිවයින පුරා ම මෙම ඉන්ධන දීමනාව හිමි ධීවරයන් සංඛ්‍යාව 28,000 පමණ වන බවයි වාර්තා වන්නේ.

එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 153 ක ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට ද මේ යටතේ කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව දෙවන අදියරයේ දී දිවයින පුරා ම භූමිතෙල් ලීටර් 425,000ක් ලබා දීමට නියමිතයි.

මෙම දෙවන අදියරේ දී කළුතර දිස්ත්‍රික්කයේ යාත්‍රා හිමියන් 450ට අධික සංඛ්‍යාවකට මෙම දීමනාව හිමි වනු ඇති.

ඩීසල් වශයෙන් ලැබුණු මෙම ඉන්ධන පරිත්‍යාගය එක්දින යාත්‍රා හිමියන්ගේ අවශ්‍යතාව පරිදි භූමිතෙල් බවට පරිවර්තනය කරන බවත් වාර්තා වනවා.

මෙම භූමිතෙල් නොමිලේ ලබාදීමේ අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, තෙරුවර ධීවර වරායේ කළමනාකරු එරංග එඩ්වඩ් සහ ධීවර යාත්‍රා සඳහා ඉන්ධන ලබා ගැනීමට පැමිණි ධීවරයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14