බෝගම්බර බන්ධනාගාරය තරු පහේ හෝටලයක් කරන්න සැලසුම්

මහනුවර බෝගම්බර බන්ධනාගාරය ජාත්‍යන්තර තරු පහේ හෝටලයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය ආයෝජකයෙකු සොයාගෙන ඇති බවටයි රාජ්‍ය අමාත්‍ය අමුණුගම ප්‍රකාශ කර ඇත්තේ.

බෝගම්බර බන්ධනාගාරයේ ඓතිහාසික වටිනාකම රැකගනිමින් එහි හෝටලයක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා එය ඉදිකරනු ලබන්නේ යාල හිල්ටන් ආයතනය ඉදිකර පසුගියදා විවෘත කළ මෙල්වා සමූහ ව්‍යාපාරය විසින් බව ද අනාවරණය කර තිබෙනවා.

බෝගම්බර බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද නාගරික සංවර්ධන අධිකාරියට ලැබී ඇතැයි සඳහන්.

බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉදිකරන ලද මහනුවර පිහිටි තෙමහල් බෝගම්බර බන්ධනාගාරය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම බන්ධනාගාරය වන අතර එය තනි අත්තිවාරමක් මත ඉදිකරන ලද ආසියාවේ දිගම ගොඩනැගිල්ල ද වනවා.

වසර 138ක් ක්‍රියාත්මක වූ බන්ධනාගාරය 2014 වසරේදී වසා දමනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25