බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට මරණ තර්ජන

සුපිරිතම බොලිවුඩ් නළුවෙකු වන ශාරුක් ඛාන් හට මරණ තර්ජන එල්ල වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ රයිපූර් ප්‍රදේශයේ සිටින ෆයිසාන් නමැති පුද්ගලයෙකුගේ නමින් ලියාපදිංචි වී ඇති දූරකථන අංකයකින් මෙම මරණ තර්ජන එල්ල වී ඇති බවයි.

මෙම සුපිරි බොලිවුඩ් නළුවාට මරණ තර්ජනය කරමින් සැකකාර පුද්ගලයා විසින් ඉන්දියන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ඉල්ලා ඇති බවත් වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ශාරුක් ඛාන් විසින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි හි බන්ද්‍රා පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට මුම්බායි හි පොලිස් කණ්ඩායමක් රයිපූර් වෙත ගොස් ඇති බවත් දූරකථන අංකය හිමි ෆයියාස් නමැත්තාට එරෙහිව නොතීසි නිකුත් කිරීමට කටයුතු කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද වාර්තා වනවා.

මීට පෙර ශාරුක් ඛාන්ගේ වෘත්තීය ක්ෂේත්‍රයේ සුපිරි නළු සල්මන් ඛාන්ට ද අවස්ථා කිහිපයකදී මරණීය තර්ජන එල්ල වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38